×

මාරි ඇන්ටොයිනට් රැජිණගේ ආභරණයක් ඩොලර් මිලියන 32කට වෙන්දේසි වේ.

පාන් නැත්තම් කේක් කාපල්ලා කියා සිය රටේ පීඩිත ජනයා ට අඩන්තේට්ටම් කල ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධ ප්‍රංශ රැජින මාරි ඇනිටොයිනට් ට අයත් පළඳනාවක් නෙබෝදා ජිනීවා හීදී වෙන්දේසි කරන ලදී.


විශාල පිණිබිඳුවක හැඩය ගත් මුතු වලින් සහ දියමන්ති වලින් සාදන ලද ඇයට අයත්ව තිබූ පෙන්ඩනය වෙන්දේසි කරන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 36කටත් අධික මිලකටය.සුප්‍රකට Sotheby’s වෙන්දේසියකදී වැඩි මිලට විකුණුනු අාභරන වලින් එකක් වන මෙය ජානීවා හී බොර්බන් පාර්මා වංශයට අවසානයට අයත්ව තිබුණි.

මාරා ඇනිටොයිනට් ට අයත් විවි ආභරණ පසුගිය වසර 200ක කාලය ක් තිස්සේ අද දක්වා මහජනයාට දැක ගත නොහැකි විය. sotheby’s මින් පෙර අලෙවි කළ ඇයටම අයත් ආභරණ 10ක් මෙන්ම මෙයටද ඉහළ මිලක් තීරණය වී ඇත. වෙන්දේසියේදී මිලදී ගත් පුද්ගලයාට තම අනන්‍යතාව පැවසීමට අවශ්‍ය තාවක් නොවූ බ වවෙන්දේසි ආයතනය පවසයි.

මාරි ඇන්ටොයිනේට් යනු දහසය වන ලුවී රජුගේ බිරිඳයි.  1793 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඇයට විරුද්ධව මරණ දඩුවම ක්‍රියාත්මක වූයේ ප්‍රංශ විප්ලවයට මග පෑදූ හේතු  සාධක නිර්මාණය කළ රදළ පැලැන්තියේ නියෝජිතයෙක් වෙන්නට ඇයට සිදු වූ නිසා වෙනි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි