×

මාලි ජනපති ‘ගොයිටා‘ගෙන් හමුදා කැබිනට්ටුවක්

මාලි රාජ්‍යය ගොයිටා යටතේ තව තවත් දුර්දාන්ත පාලනයක් වෙතට


මාලි රාජ්‍යයේ හමුදා නායක, කර්නල් අසිමි ගොයිටා මාස 9 ක් ඇතුළත දෙවැනි වරටත් කැරැල්ලක් ගසා එරට අන්තර්වාර ජනපති ලෙස ජූනි 7 වැනිදා දිවුරුම් දුන්නේය.
එවිට විපක්ෂයේ M5 ව්‍යාපාරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස්සේ හමුදා පාලනයට සහාය පළ කරමිනි.

එතෙක් පැවති සිවිල් අන්තර්වාර රජය විසුරුවා හරිමින් සිදුකළ මෙම බලය පැහැර හැරීම, නිල ඇඳුමට පෙම් බැඳි ජනතාවගේ ආශිර්වාදය ලබන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ජනපති ඊබ්‍රාහිම් බූවකාර් කෙයිටාගේ ආණ්ඩුව ඒ අනුව මළගම් ගියේය. ගොයිටා ඒ ආණ්ඩුවේ උප ජනපති විය. ඒ අනුව දැන් ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි. ජනපති අසිමි ගොයිටා දැන් තමන්ගේම වූ කැබිනට්ටුවක් නම් කර තිබේ. ඔහු අවසන් වශයෙන් හමුදා කුමන්ත්‍රණයේ නිරත වූයේ, ජනපති, තමන්ගෙන් නොඅසා කැබිනට්ටුව විසුරවා දැමීම නිසා ය. පෙනෙන හැටියට මාලි වැනි ප්‍රජාතන්ත්‍රවාදී නොවන අප්‍රිකානු රටවල ජනපතිවරයා සහ කැබිනට්ටුව දෙකක් නොව එකකි.

දැන් නව ආණ්ඩුව යටතේ මාලි හි ආරක්ෂක ඇමතිවරයා කර්නල් සයිදෝ කැමරා ය. තවත් කර්නල්වරයෙක් වන දාවුද් අලි වො-හැමෙඩීන් ආරක්ෂක ඇමති ලෙස පත් කර තිබේ.

සයිදෝ

පසුගිය සඳුදා දිවුරුම් දුන් ගොයිටා ජනපති, එයින් දෙදිනකට පසු සිවිල් අගමැති කෙනෙක් පත් කළේය. චොගුල් මොකල්ලා මයිගා නමැති එම සිවිල් අගමැතිට, දැන් හමුදා නිලයන් සහිත, හමුදා බලයන් සහිත අති ප්‍රබල කැබිනට් ඇමතිවරුන්ට මැදි වී වැඩ කරන්නට සිදුව තිබෙන්නේ දත් තිස් දෙකට මැදි වූ දිවක් මෙනි.

හමුදා පාලනයට මාලි රාජ්‍යය කොන්දේසි විරහිතව නතු වෙද්දී බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික හවුලෙන් (ECOWAS) මාලි රාජ්‍යය ඉවත් කෙරිණි. එය, බටහිර අප්‍රිකාවේ ප්‍රබල රාජ්‍යයන් 15 ක එකතුවකි. ‘එකොවාස්‘ අවසාන වශයෙන් කර තිබූ ඉල්ලීම වූයේ සමගි ආණ්ඩුවක් පිහිටුවන ලෙස ය. නමුත් එම ඉල්ලීම ඉටු නොවීය.

මේ අතර, මාලි හි සන්නද්ධ අරගල සමනය කිරීම වෙනුවෙන් හමුදා සහාය ලබාදෙන ප්‍රංශය ද මෙම සිදුවීමෙන් පසුව හමුදා සහාය ලබාදීම නතර කර දැමුවේය. යුද්ධයෙන් බැට කන මාලි රාජ්‍යයේ ප්‍රංශ සොල්දාදුවෝ 5100 ක් සිටි අතර, ජනපති එම්මානුවෙල් මැක්‍රොන් කියා සිටියේ ඔවුන්ගේ මෙහෙයුම් වහාම නතර කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි