×

මැලේසියාවත් ජුනි 07 දක්වා ලොක්ඩවුන්!

ජුනි මස 07 වැනිදා දක්වා සමස්ත රටම ලොක්ඩවුන් කිරීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා.


කොරෝනා තෙවැනි රැල්ලට මුහුණදීම සඳහා මෙම පියවර ගත් බවයි එරට අග්‍රාමාත්‍ය මුහයිඩීන් යසීන් මහතා පවසන්නේ.

තෙවැනි රැල්ල තුළදී අධික පැතිරීමේ වේගයක් සහිත වෛරස ප්‍රභේද මැලේසියාව තුළද ව්‍යාප්ත වී තිබෙනවා.

මේ නිසා රටම වසා දමා දැඩි පියවර ගැනීමකින් තොරව වසංගතය පාලනය කළ නොහැකි බවයි එරට බළධාරීන්ගේ අදහස වී තිබෙන්නේ.

අන්තර් පළාත්, අන්තර් දිස්ත්‍රික් සංචරණ සීමා පනවා ඇති අතර මහජන ඒකාරාශීවීම්ද තහනම් කර තිබෙනවා.

අධ්‍යාපන ආයතන ඇතුළු ආයතන වසා දැමීමට පියවර ගෙන ඇති නමුත් ආර්ථිකයට අදාල ක්‍රියාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි අගමැතිවරයා පවසන්නේ.

ඊයේ (10) දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයන් 3807 ක් වාර්තා වී තිබිණි.

මේ දක්වා එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 444,484 ක් වන අතර මරණ 1700 ක් සිදුව තිබෙනවා.

කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය ජනවාරියේදී එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ අතර එම තත්වය තවදුරටත් ක්‍රියාත්මක වේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි