×

මිනිත්තු 10කින් පිළිකාව හඳුනා ගැනීමේ සරල විශ්වීය පරීක්ෂාවක්

මෙම පර්යේෂණයේ ප්‍රධානතම විශේෂත්වය සහ වාසිය වන්නේ එය අඩු වියදමකින් සිදු කර ගත හැකි වීම සහ එහි ඇති සරල බවත්ය.


පුද්ගලයන්ගේ රුධිර ධාරාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීමේ ඉතා ඉක්මන් මෙන්ම පහසුවෙන් සිදු කර ගත හැකි පරීක්ෂණයක් හඳුන්වා දෙන්නට විද්‍යාඥයින් සමත් වී ඇත. මේ අතරින් ද වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙය, ඕනෑම මට්ටමක සිටින පුද්ගලයෙකු හට ඉතාමත් ඉක්මණින් සිදු කර ගත හැකි සරල පරීක්ෂණයක් වීමයි. මෙම පරීක්ෂණයෙන් සිදු කරන්නේ පිළිකාකාරකයන් වඩාත් සංවේදී වන සිරුරේ පිහිටි ඕනෑම සෛලයක් තුළ විවිධ තත්ත්වයන් යටතේ වර්ණය වෙනස් වන සුවිශේෂී දියරයක් යොදා ගනිමින් පරීක්ෂා කිරීමයි. එය මිනිත්තු 10ට අඩු කාලයක් තුළ සිදු කළ හැකි පරීක්ෂණයකි.

මෙම පරීක්ෂාවේ ප්‍රධානතම විශේෂත්වය සහ වාසිය වන්නේ එය අඩු වියදමකින් සිදු කර ගත හැකි වීම සහ එහි ඇති සරල භාවය ය. එබැවින් මෙම ක්‍රමය ඉතා පහසුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් අනුගමනය කරනු ඇති බවට ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකා ලෝරා කැරස්කෝසා පවසයි.

මෙම පරීක්ෂාවේ සාර්ථකත්වය 90% වන අතර පරීක්ෂාව සිදු කරනු ලබන සිදුවීම් 100කින් 90ක්ම සාර්ථක වීමේ ඉඩ කඩ පවතියි.

ලෝරා කැරස්කෝසා පවසන පරිදි මෙම පරීක්ෂාව මගින් සිදු කළ හැක්කේ පිළිකාවක් ඇතිබවට පූර්ණ ලක්ෂණ පවතින පුද්ලයෙකුව පරීක්ෂා කොට ඔහු පිළිකා රෝගියෙක්දැයි යන්න නිසැකවම හඳුනා ගැනීමයි. එනමුත් තවමත් මෙම පරීක්ෂාවෙන් පිළිකාවේ වර්ගය සහ පිළිකාවේ තත්ත්වය හඳුනා ගත නොහැකි වේ. ඒ සඳහා වෙනම පරීක්ෂාවක් සිදු කළ යුතු වේ.

කෙසේ නමුත් මේ පරීක්ෂාව මගින් පිළිකා අවදානම සහිත හෝ රහිත බව කෙටි කාලයකින් හා සරල ලෙස නිගමනය කළ හැකි නිසා, පිළිකා අවදානම රහිත පුද්ගලයන් හට, මූලික- අඩුපිරිවැය පරීක්ෂාවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා තවදුරටත් වියදම් කිරීමක් අවශ්‍ය නැත.

නීරෝගී DNA සෛල සහ පිළිකා සෛල අතර වෙනස හඳුනා ගැනීම මෙම පර්යේෂණය හඳුනා ගැනීම සඳහා අනුගමනය කළ ප්‍රධාන ක්‍රමවේදයයි. ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය මගින් කරන ලද මෙම පර්යේෂණය ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික පරීක්ෂණ මේ වන විට සිදු වෙමින් පවතින අතර පිළිකා වැළඳුණු රෝගීන් යොදා ගනිමින් එම පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇත.

මින් පෙර පැවති පිළිකාව හඳුනා ගැනීමේ සාමාන්‍ය ක්‍රමය වූයේ රෝගියාගේ සිරුරේ පටක විශ්ලේෂණය (බයොප්සි) සිදු කිරීමයි. මෙම ක්‍රමවේදය බෙහෝ විට යොදා ගන්නේ රෝගියාට පිළිකාවක් වැළඳී ඇති බවට ඉතා සමීප රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාවේදීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි