×

මිනිස් දත් ඇති මාළුවා

මිනිසෙකුගේ දත් කුට්ටම සිහිගන්නවන දත්වලින් යුක්ත මාළුවෙකු දකුණු කැරොලිනාවෙන් හසුවී ඇති අතර, එහි ඡායාරූප මේ වන විට ට්විටර් ජාලය හරහා වයිරල් බවට පත්ව තිබේ.


‘මිනිස් දත් ඇති යෝධ-අමුතු මාළුවා‘ යනුවෙන් යුත් ශීර්ෂපාඨ ද ඒ සමග සංසරණය වේ.

මෙම මත්ස්‍යයා අයත් වන්නේ Sheepshead හෙවත් convict fish යනුවෙනි. විද්‍යාත්මක නාමය Archosargus probatocephalus වේ. සාමාන්‍යෙයන් අඟල් 30 ක් පමණ දිගින් වැඩෙන්නට කරදියේදී ඌට පුළුවන් අතර සාමාන්‍ය තත්වය එය වුවත්, ජීවිතය අහිමි වීමෙන් පසුව සමාජ ජාල තරුවක් බවට පත්වූ මේ මත්ස්‍යයා ඊටත් වඩා බෙහෙවින් දිගින් සහ බරින් වැඩී තිබේ. නමුත් මේ ෂීප් හෙඩ් මත්ස්‍යයන්ගේ දැකිය හැකි උනන්දු සහගතම ලක්ෂණය වන්නේ මිනිස් දත් කුට්ටමක් සිහිගන්වන උන්ගේ විශාල මාළු දත් ය.

මේ මිනිස් දත් මාළුවා පිළිබඳ කතාන්දරය නොබෝදා කරළියට ආවේ දකුණු කැරොලිනාවේ ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුව, මේ මත්ස්‍යයාගේ ඡායාරූපයක් ද සමගින්, ඌව හඳුනාගත හැකිදැයි මිනිසුන්ගෙන් අසමින් පෝස්ට් එකක් පළ කිරීමත් සමග ය.

එයට ප්‍රතිචාර ලෙස ලැබී තිබූ පිළිතුරු ද අපූරු ය.

‘‘මම දන්නෙ නෑ ඒත් ඒක හරියට, වෙන කෙනෙක්ගෙ දත් කුට්ටමක් හොරකම් කරගත්ත මාළුවෙක් වගෙයි..“ යැයි ද එක් අයෙක් එයට ප්‍රතිචාර දක්වා තිබිණි.

මේ අතර තියුණු දත් කට්ටලකින් යුත් මේ හාදයා, වරක් තමන් මුහුදේ කිමිදෙමින් සිටින අතරවාරයේ තදින් සපා කෑ බව ද තවත් අයෙක් පවසා තිබිණි.

ඡායාරූපය – © South Carolina Department of Natural Resources / Pam Corwi © Facebook



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි