×

මිනිස් සූකර දෙමුහුමක්

මිනිස් සෛල වෙනත් සත්වයෙකුගේ ඉන්ද්‍රියයන් තුල වර්ධනය කිරීමට හැකියාවක් ඇතැයි යන්න සනාථ කරමින් මෙම මිනිස් සූකර දෙමුහුන් ක්‍රියාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත‍


බොහෝ අවස්ථාවල සූකරයන්ට ලැබෙන්නේ අඩු සැළකිල්ලක් වුවත් නොබෝදා සූකරයන් ගැන වැඩ වැඩියෙන් කථාවන්නට පටන් ගත්තේය. ඒ මිනිස් සූකර දෙමුහුම් ජීවයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පිරිසක් විසින් ක්‍රියාත්මක වීමත් සමගිනි.

https://www.youtube.com/watch?v=TCu_f9MKyBg 

මිනිස් සෛල වෙනත් සත්වයෙකුගේ ඉන්ද්‍රියයන් තුල වර්ධනය කිරීමට හැකියාවක් ඇතැයි යන්න සනාථ කරමින් මෙම මිනිස් සූකර දෙමුහුන් ක්‍රියාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත‍

877618-002

විවිධ රෝගී තත්ත්වයන් මෙන්ම විවිධ හේතු මත තවත් අයෙකු ගේ අවයව ප්‍රධානයක් සිදු වන තුරු මග බලා සිටින පුද්ගලයින් වෙත සුභ ආරංචියක් බවට මෙය පත්වනු ඇති අතර සෑම මිනිත්තු 10කදීම අවයව හෝ පටක බද්ධ කිරීමේ සැත්කම් පුද්ගලයින් 10 දෙනෙකු තුළ සිදු කරනු ලබයි.
එමෙන්ම සෑම දිනකම මිනිසුන් 22 නෙකු මෙසේ අවයව බද්ධයන් සඳහා අවශ්‍ය මිනිස් අවයවයන් නොමැතිව මරණයට පත් වෙයි. එවැනි තත්ත්වයකදී තවත් මිනිසෙකු වෙතින් අවයවයක් බලා පොරොත්තු වීමට වඩා වෙනත් සතෙකුගේ සිරුර තුළ අපගේ ඉන්ද්‍රියයක් නිර්මාණය කර ගැනීම කෙතරම් වැදගත් වේද.
එය මීට පෙර සිහිනයක් වුවද අද වන විට සැබෑ වෙමින් පැවතීම ඉතාමත් සුබ දායී ආරංචියක් වනවාට නොඅනු මානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි