×

මිනිසුන් විසින් සෑදූ, මිනිසුන් වැඩියෙන්ම භාවිතා කරන අමුද්‍රව්‍ය ”සිමෙන්ති” ලොව විශාලතම CO2 විමෝචකයෙකි.

සමස්ත සිමෙන්ති කර්මාන්තයම එක් රටක් සේ ගත් විට චීනයට හා ඇමරිකා එක්සත් ජනපදයට පසුව ලෝකයේ තෙවනියට කාබන් ඩයෝක්සයිඩ් පරිසරයට මුදා හරින රට රට වනු ඇත්තේ එයයි. ගුවන් යානා ඉන්ධන වලින් නිපදවෙන 2.5%ක කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එමගින් මුදා හැරේ.


මිහිපිට වැඩියෙන්ම භාවිත වන මිනිසා විසින් නිර්මිත අමුද්‍රව්‍ය වන්නේ කොන්ක්‍රීට් බව ඔබ මෙතෙක් කල්පනා කළ කරුණක් නොවන්නට ඇත. එමෙන්ම මිහිපිට වැඩියේම භාවිත වන අමුද්‍රව්‍ය ලෙස එය දෙවැනි වන්නේ ජලයට පමණි.

නමුත් ජලය මෙන් නොව සිමෙන්ති නිසා ලෝකය වෙනස් වනවා මෙන්ම ලෝකයට සිදුවන හානියද ගැණිය නොහැකි තරම් වෙයි. මන්ද සිමෙන්ති යනු කාබන් ඩයොක් සයිඩ් විමෝචන එනම් කාබන් ඩයෝක් සයිඩ් මුදාහරින ප්‍රභලතම අමුද්‍රව්‍යයක් බවට පත්වී ඇත. ලෝකයට මුදාහරිණ කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණයෙන් 8%ක් මුදා හරිනු ලබන්නේ ගෝඩනැගිලි ඉදිකිරීම් වෙනුවෙන් භාවිත කරන සිමෙන්ති මඟිනි.


සමස්ත සිමෙන්ති කර්මාන්තයම එක් රටක් සේ ගත් විට චීනයට හා ඇමරිකා එක්සත් ජනපදයට පසුව ලෝකයේ තෙවනියට කාබන් ඩයෝක්සයිඩ් පරිසරයට මුදා හරින රට රට වනු ඇත්තේ එයයි. ගුවන් යානා ඉන්ධන වලින් නිපදවෙනන් 2.5%ක කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එමගින් මුදා හැරේ. 

චීනය ලෝකයේ වැඩිම සිමෙන්ති ප්‍රමාණයක් නිපදවන රාජ්‍යයයි. ඒ නිසාම චීනය ලොව ඉහළම කාබන්ඩයෝක්සයිඩ් විමෝචකයා බවට පත්වී ඇත. මෙවර දේශගුණික විපර්යාස සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සමුළුවේදි සාකච්ඡා කෙරුණ අතර එහිදී ගත් තීරණය වූයේ 2030 වසර වන විට සිමෙන්ති මගින් මුදා හැරෙන කාබෙන් ඩයොක් සයිඩ් ප්‍රමාණය සියයට 16කින් අඩු විය යුතු බවයි.  නමුත් වැඩි වන ඉදි කිරීම් සහ ජනගහණයේ ඉහළ යෑම සමග සිමෙන්ති පරිභෝජනය එවැනි මට්ටමක පවත්වාගන්නේ කෙසේදැයි යන්න ගැටළුවකි.

මන්ද සිමෙන්ති නැතිනම් කොන්ක්‍රීට් නොමැති ලොකයක් පිළිබඳව දැන්නම් අපට සිතන්නටම නොහැකිය. අති විශාල කුළුණු, කාර් පාර්ක්, පාලම් , වේලි, සාර්ථක මෙන්ම අසාර්ථක ගෘහ නිර්මාණ ශිල්පයන් සියල්ලටම හේතුව සහ අත්‍යවශ්‍ය දෙය වන්නේ කොන්ක්‍රීට්ය. සිඩුනි හී ඔපෙරා හවුස්, දිල්ලියේ ලෝටස් ටෙම්පල් , ඩුබායී හි බර්ජි කලීෆා, මේ සියල්ල පම‍ණක් නොව අද වන විට ලෝකය පවතින්නේ කොන්ක්‍රිට් කඳු මතයි.

කොන්ක්‍රීට් ගොඩ නැගිලි නිර්මාණය ආරම්භ වීම සිමෙන්ති භාවිතය ආරම්භයේ මූලික පියවර වන්නේය . 1950 වසරේ ගෝලීය සිමෙන්ති නිෂ්පාදනයේ වර්ධනය ආරම්භ වෙයි. එමෙන්ම 1990 සිට ආසියානු සහ චීනය විශාල වශයෙන් සිමෙන්ති භාවිතයට හවුල් වන්නේය. මේ වන විට 1950 ආරම්භක යුගයේ මෙන් තිස් ගුණයකකින් සිමෙන්ති නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර 1990 සිට එහි වර්ධනය සිවු ගුණයකින් සිදු වී ඇත. 2001 සහ 2013 අතර කාලයේ ඇමරිකා එක්සත් ජනපදය අභිබවා චීනය විසින් සිමෙන්ති නිෂ්පාදනය ආරම්භ කළ අතර එම කෙටි කාලය තුළ චීනයේ සිමෙන්ති භාවිතය සමස්ත 20 වන සිය වස තුළ වැඩිම භාවිතයක් සිදු කළ ඇමරිකාවේ සමස්ත සිමෙන්ති භාවිතයට වඩා වැඩි ප්‍රමාණයක් විය.

සිමෙන්ති කර්මාන්තයේ ආරම්භය.
කොන්ක්‍රීට් මුලින්ම ලෝකයේ භාවිතා වූ බවට විශ්වාස කරන්නේ මීට වසර 8000කට පෙරදීය. ඒ සිරියානු සහ ජෝර්දාන් වෙළෙන්දන් විසින් කොන්ක්‍රීට් පොළොව , ජල ටැංකි සහ ගොඩනැගිලි නිර්මාණයට පටන් ගැනීමත් සමගයි.

ඉන් පසුව රෝමය කොන්ක්‍රීට් භාවිතයේ ප්‍රමුඛයා විය අති විශාල දේව මන්දිර ඉදිකිරීම ක්‍රිස්තු වර්ෂ 113 සහ 125 අතර කාලය තුළ වැඩි වශයෙන් සිදු විය. මීටර් 43ක විෂ්කම්භයකින් යුත් නිදහස් ස්ථිර ගොඩනැගිලි අදටත් ලොව විශාලතම ගොඩ නැගිලි ලෙස වැජඹෙයි.

නමුත් නූතන ගෘහනිර්මාණ යේ කොන්ක්‍රීට් භාවිතය නව්‍ය ආකාරයට සිදු වන්නට පටන් ගන්නේ 19 වන සිය වස ආරම්භයත් සමගිනි. ඒ ගඩෝල් නිර්මාණය පිළිබඳ විශේෂඥ ජෝසප් ඇස්ප්ඩීන්ගේ මැදිහත් වීමෙනි.
ඔහු විසින් සොයා ගත් නව තාක්ෂණය වූයේ රත්කරන ලද හුණු ගල් කුඩු කර සාදා ගන්නා කුඩු නැත්නම් පවුඩර් වර්ගයක් මගින් කෘතිමව ගඩෝල් සෑදීමයි. එය පෝට්ලන්ඩ් සිමෙන්ති නමින් හඳුන්වයි. නූතන කොන්ක්‍රීට් වල ප්‍රදානතම අමුද්‍රව්‍ය ලෙස අදටත් භාවිතා කරන මෙම සිමෙන්ති භාවිතය ආරම්භ වන්නේ ඒ අයුරෙනි.

නමුත් මේ  සියල්ලම පිටු පස‍ සෑම  විටකම ලියැවෙන කාථාවක් වන්නෙ අද  ලෝකය මිනිසාට අහිමි කරන ඉමහත්ම බලපෑම වන දේශ ගුණික විපර්යාසයන්ට මූලිකම වග කිව යුත්තා වන කාබන් ඩයෝක්සයිඩ් විමෝචනයේ ප්‍රමුඛයෙක් බවට සිමෙන්ති පත්වී තිබීමයි.
අති විශා පෝරණු භාවිතය, හුණු ගල් කැඩීම මේ සියල් පරිසර හානියේ තවත් ආදිනව වන්නේය.

මෙම තත්ත්වය තව දුරටත් මේ අයුරින්ම සීඝ්‍රලෙස වර්ධනය වීම සමස්ථ ලෝකයටම සිදු වන ඉමහත් හානියකත් බව මෙවර ගෝලීය දේශ ගුණික විපර්යාස සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සමුළුවේ සාකච්ඡාවන් හීදී සාකච්ඡා වූ පරිදි නවතම සංවිධානයක් වන ගෝලීය සිමෙන්ති සහ කොන්ක්‍රිට් සංගමය වන Global Cement and Concrete Association (GCCA) ලෝක සිමෙන්ති නිෂ්පාදනයෙන් 35%කට දායක වන අතර එමගින් තහවුරු කර සිටියේ ඉදිරි වසර වලදී තිරසාර සංවර්ධනය යන්න පිළිබඳව එමඟින් සිය අවධානය යොමු කරමින් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි