×

මියන්මාරයේ පෙර නොවූ විරූ ලෙස විරෝධතා උත්සන්න වෙයි – හමුදා පාලනයට එරෙහිව සුකී වෙනුවෙන් ජනතාව මහමඟට

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව රට පුරා වැඩවර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා මියන්මාර හමුදා ජල ප්‍රහාර එල්ල කර තිබෙන නමුත් එම විරෝධතා අඩපණ වූ බවක් පෙනෙන්ට නොමැති බවයි එම වාර්තා වල දක්වා ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ නායිකාව නිදහස් කරන ලෙසත් යළි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් බලකරමිනුයි එම උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙන්නේ.

කෙසේවෙතත් එරට රාජ්‍ය රූපවාහිනිය හරහා අනතුරු අඟවා ඇත්තේ මහජන ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් වුවහොත් ඊට එරෙහිව පියවර ගන්නා බවයි.

මියන්මාර හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන “මින් අන්ග් හලින්ග්” පසුගිය (01) හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලාගත් අතර එරට  නිල නොලත් පාලකයා ලෙස සැලකුණු අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට එරට දේශපාලන නියෝජිතයින් සියයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි