×

මියන්මාරයේ විරෝධතාකරුවන් පිරිසක් වෙත හමුදා ට්‍රක් රථයක් කඩා වදී

මියන්මාරයේ වාණිජ අගනුවර වන යැන්ගොන් හි විරෝධතාකරුවන් පිරිසක් වෙත හමුදා ට්‍රක් රථයක් කඩා වැදීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.


ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ සිදුවීමෙන් පසු මෙහිදී සොල්දාදුවන් පලා යමින් සිටි විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අතර තවත් අයට පහර දුන් බවයි.

පසුගිය පෙබරවාරියේ සිදු වූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, සිදුවූ විරෝධතා වලදී 1,200 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් දහස් ගණනක් සිරගත කර ඇත.

මෙම අලුත්ම සිදුවීම සම්බන්ධයෙන් හමුදා රජය ප්‍රකාශයක් කර නැතත්, විරෝධතාකරුවන් මෙවැනි සිදුවීම් මගින් ප්‍රචණ්ඩත්වය උසිගන්වන බවට මීට පෙරත් චෝදනා කර තිබේ.

මිලිටරි හමුදාකාණ්ඩ පසුගිය කාලයේ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බැවින්, මෙවැනි තුවාල අවම කිරීම සඳහා බොහෝ විට කුඩා සංවිධානාත්මක කණ්ඩායම් වශයෙන් විරෝධතා පෙළපාලි පැවැත්වීම සුලබ තත්වයකි.

හමුදාවේ මර්දනය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇතත්, එම සංවිධානයේ නියෝජිතයින්ට විමර්ශන සඳහා මියන්මාරයට ප්‍රවේශ වීම නැවත නැවතත් හමුදා රජය ප්‍රතික්ෂේප කර ඇත.

මියන්මාරයේ එවකට නායිකාව වූ අවුන් සාං සුකීගේ පක්ෂය අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී ඡන්ද වංචාවක් සිදු වූ බවට චෝදනා කරමින් මිලටරි ජුන්ටාව පසුගිය පෙබරවාරියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය සාධාරණීකරණය කර ඇත.

නමුත් ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ ඡන්දය බොහෝ දුරට නිදහස් හා සාධාරණ වූ බවත්ය.

රට පුරා නගරවල සහ ගම්වල සන්නද්ධ ස්වේච්ඡා කණ්ඩායම් මිලටරි ආන්ඩුව සමග වැඩ කරන නිලධාරීන් ඉලක්ක කර විවිධ සන්නද්ධ ප්‍රහාරයන්සිදුකර තිබේ.

මිලිටරි රජය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ සන්නද්ධ ප්‍රතිරෝධය වඩාත් ප්‍රබලව පවතින ප්‍රදේශවලට, නිවාස ගිනිබත් කර දස දහස් ගණනක් අසල වනාන්තරවලට සහ දේශසීමාවෙන් ඉන්දියාවට පලවා හැරීම දක්වා පහර දීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි