×

මියන්මාරයේ හදිසි නීතිය මාස හයකින් දීර්ඝ කෙරේ.

මේ වන විට මියන්මාරය අවුල් ජාලයක පැටලී ඇති අතර, බොහෝ දුරට නගරවල සාමකාමී විරෝධතාවලට බලධාරීන් විසින් ප්‍රචණ්ඩකාරී මර්දනයක් දියත් කිරීමත් සමඟ රට පුරා ගැටුම් පුපුරා ගොස් ඇත.


මියන්මාරයේ හදිසි නීතිය මාස හයකින් දීර්ඝ කරන බව මියන්මාර හමුදා නායකත්වය විසින් නිවේදනය කර තිබේ.

2021 පෙබරවාරියේ මැතිවරණ වංචාවක් කළ බවට චෝදනා කරමින් ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේං විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සුකීගේ රජය බලයෙන් පහ කරමින් බලය අල්ලා ගනු ලැබීය. ඉන් අනතුරුව පාලක රාජ්‍ය පරිපාලන කවුන්සිලය (SAC) ප්‍රථම වරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. හමුදාවේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය මෙම යෝජනාවට ඒකමතිකව සහය දීමෙන් පසු හදිසි නීතිය දීර්ඝ කරනු ඇති බව රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර ඇත. මෙහිදී හමුදා පාලකයා ප්‍රකාශ කර ඇත්තේ රටේ ජනතාවගේ ජනතාවගේ අභිලාෂය වන අව්‍යාජ සහ විනයගරුක බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අපි දිගටම ශක්තිමත් කරනු ඇති බවයි.

එක්සත් ජනපදය, ජපානය සහ අග්නිදිග සංගමය ඇතුළු මානව අයිතිවාසිනම්ම පිළිබඳ සංවිධාන මෙම තත්වය දැඩි ලෙස හෙළා දැක ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ. කෙසේ නමුත් ජස්ටිස් ෆෝ මියන්මාර් ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රකාශක යඩනාර් මවුං පැවසුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි. මියන්මාරයේ පවතින ඒකාධිපති ජුන්ටාව මර්දනය කිරීමට නම් ආයුධ සහ අරමුදල් ගලායාම වලක්වා තෙල් සහ ගෑස් ආදායම සහ ජෙට් ඉන්ධන ආදිය ඉලක්කගත කර ගෝලීය සම්බාධක පනවීමට ඔවුන් යෝජනා කර තිබේ.

මේ වන විට මියන්මාරය අවුල් ජාලයක පැටලී ඇති අතර, බොහෝ දුරට නගරවල සාමකාමී විරෝධතාවලට බලධාරීන් විසින් ප්‍රචණ්ඩකාරී මර්දනයක් දියත් කිරීමත් සමඟ රට පුරා ගැටුම් පුපුරා ගොස් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි