×

මියන්මාරයේ Facebook තහනම්

එරට සන්නිවේදන සහ තොරතුරු අමත්‍යංශය පවසන්නේ, 7 වනදා දක්වා මියන්මාරය තුළ Facebook ක්‍රියාකාරීත්වය අවහිර කළ බවයි.


 

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිඳ හෙළා බලය අල්ලා ගත් මියන්මාර හමුදා පාලකයින් එරට තුළ Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම අවහිර කර තිබේ.ඒ Facebook සාමජ මාධ්‍ය පසුගිය සඳුදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිවීමේ වීමේ ප්‍රධාන මාධ්‍ය බවට පත්ව ඇති පසුබිමකදී ය.

කෙසේ හමුදාව පවසා අත්තේ, රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.

Protesters from Myanmar residing in Japan hold portraits of Aung San Suu Kyi and Myanmar’s army chief Min Aung Hlaing with his face crossed out at a rally against Myanmar’s military, after it seized power from a democratically elected civilian government and arrested Suu Kyi, outside Foreign Ministry in Tokyo, Japan February 3, 2021. REUTERS/Issei Kato – RC2WKL9MPQ09

මියන්මාරයේ බොහෝ දෙනෙකු තොරතුරු සම්පාදනය කරගන්නා ප්‍රමුඛ මාර්ගය වන්නේ, සාමජ මාධ්‍යයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Facebook අත්හිටුවීමත් සමග ජනතාව විකල්ප යෙදවුම් බාගත කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි.

පසුගිය සඳුදා හමුදා ප්‍රධානී මින් අවුන්ග් හේලින්ග් නායකත්වය දුන් කුමන්ත්‍රණයෙන් නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව බලය සියතට ගත්තේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි