×

මියන්මාරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එක් වෙයි

ඇමරිකාව චීනය එක්ව මෙම ස්ථාවරය ප්‍රකාශ කිරීම පුදුමයට කරුණක් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියි.


සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සැදුම්ලත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පෙර නොවූ විරූ එකමුතුවක් ප්‍රදර්ශනය කරමින් ඇමෙරිකාව, චීනය, ඇතුළු බලවත් සාමාජිකයින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට සහය පළ කර තිබේ.

ඇමරිකාව චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රටවල් ඉල්ලා සිටින්නේ, මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පෙර ලෙසම පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවයි.

මියන්මාරය තුළ නිසි ලෙස නීතියේ ආධිපත්‍යයට ඉඩ සැළසිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පවසයි. ඇමරිකාව චීනය එක්ව මෙම ස්ථාවරය ප්‍රකාශ කිරීම පුදුමයට කරුණක් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියි.

මේ වනවිට මියන්මාර වැසියන්ගේ ඡන්දයෙන් පත් වූ අවුන්සාන් සුකී ප්‍රමුඛ මියන්මාර ප්‍රමුඛ පෙළේ නායකයින් හමුදා අත්අඩංගුවේ පසුවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි