×

මිලියනයක් අඳුරේ තබමින් අයිඩා කඩා වදියි

අයිඩා කලාපීය සුළි කුණාටුව, ඊයේ දිනයේ ලුයිසිනායා ජනපදයට කඩා වැදුණේය.


වෛද්‍ය සායනයක වහලයක් ඉගිල්ලවමින්, මිලියනයක් දෙනා විදුලිය රහිතව අඳුරේ තබමින් අයිඩා තවදුරටත් සිය ශක්තිය පෙන්වූවාය.

වෛද්‍ය සායනවල ආරක්ෂිතව සිටි රෝගීන් ද මේ අනුව වහාම වෙනත් ස්ථාන කරා ගෙන යාමට සිදුවිය. ලුයිසියානා ජනපදයේ කෝවිඩ්-19 නිසා රෝහල්ගත වී සිටි පිරිස 2300 කට අධික ය.

ලුයිසිනායා ජනපදයේ හදිසි අවස්ථා දුරකථන රැහැන් පවා දැඩි සුළඟින් විනාශ වී ගොස් ඇත.

එක් මරණයක් දැනට වාර්තා වී ඇත.

කෙසේ නමුත් මේ වන විට 1 වැනි කාණ්ඩයේ සුළි සුළඟක් බවට අයිඩාගේ බලය දුර්වල වී ඇති බව ද සඳහන්.

පෙර ලිපිය

‘කැට්‍රිනා‘ටත් වඩා දරුණු ‘අයිඩා‘ ට බියෙන් දහස් සංඛ්‍යාත ඇමරිකානුවෝ පළා යති



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි