×

මිහිතලයෙන් වඳවෙමින් පවතිනි සතුන් හා ශාක වල පුනර්ජීවනය නිරීක්ෂණය කිරීමට දියත් වූ Green Status හෙව​ත් හරිත තත්ත්‍වය

මෙම පියවරේ අරමුණ වන්නේ "මීට පෙර කිසි දිනෙක සිදු නොවූ, ප්‍රකෘති විශේෂාංග නැවත ලබා ගැනීම ප්‍රමිතිගත ආකාරයකින් මැනීම" යනුවෙන් Green Status සම සභාපතිනි මොලි ග්‍රේස් පසුගිය සෙනසුරාදා මාර්සේල් හි පැවති IUCNසම්මේලනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


දශක ගණනාවක සිට මිහිතලයෙන් වඳවෙමින් පවතිනි සතුන් හා ශාක වල වාර්තා වීම් වලින් පසු, සංරක්‍ෂණ විශේෂඥයින් වඩාත් නව ප්‍රවේශයක් ගෙන ඇති අතර, එම විශේෂයන්හි “පුනර්ජීවනය” නිරීක්ෂණය කිරීම සඳහා වූ ප්‍රථම ගෝලීය මිනුම ලෙස සැලකෙන “හරිත තත්ත්‍වය”(Green Status) සෙනසුරාදා දියත් කරන ලදී.

1964 සිට, වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවීන්ගේ ඛේදනිය තත්වය ඉස්මතු කර දැක්වීමේ ප්‍රබල ලේඛනයක් වන, තර්ජනයට ලක් වූ විශේෂයන් පිළිබඳ නඩත්තු කෙරෙන රතු ලැයිස්තුව සඳහා, ස්වාභාවික සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර එකමුතුව (the International Union for the Conservation of Nature -IUCN) සත්ව හා ශාඛ විශේෂ 138,000 ක් පමණ තක්සේරු කර ඇත.ඉන් සියයට 28 ක් පමණ දැනට සදහටම අතුරුදහන් වීමේ අවදානමක සිටිති.

මෙම නවතම මිනුම් මට්ටම අනුව ගහන මට්ටම් හා සසඳන විට කෙතරම් දුරට ක්ෂය වී හෝ යථා තත්ත්වයට පත් වේද යන්න දෙස බලා ශාඛ හා සත්ව පැවැත්මේ මුරකරවෙක් ලෙස ඉරියේ ක්‍රියාත්මක වනු ඇත.මෙම පියවරේ අරමුණ වන්නේ “මීට පෙර කිසි දිනෙක සිදු නොවූ, ප්‍රකෘති විශේෂාංග නැවත ලබා ගැනීම ප්‍රමිතිගත ආකාරයකින් මැනීම” යනුවෙන් Green Status සම සභාපතිනි මොලි ග්‍රේස් පසුගිය සෙනසුරාදා මාර්සේල් හි පැවති IUCNසම්මේලනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි