×

මුම්බායිහි ගංවතුර; වර්ෂාව සම්බන්ධව රතු අනතුරු ඇඟවීම් නිවේදනය කෙරේ.

දේශගුණික විපර්යාස සහ පාලනය නොකළ නාගරික සංවර්ධනය හේතුවෙන් පෙර නොවූ විරූ වර්ෂාපතනයක් මෙවර වාර්තා වන බව විශේෂඥයින් නිවේදනය කර තිබේ.


මුම්බායි නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට දැඩි වර්ෂාපතනයක් අඛණ්ඩව ඇද හැලෙන බවට ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව(IMD) විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍යයෙන් වසරේ මේ කාලයේදී මුම්බායි නගරයට මෝසම් වැසි ඇදහැලෙනමුත්  දේශගුණික විපර්යාස සහ පාලනය නොකළ නාගරික සංවර්ධනය හේතුවෙන් පෙර නොවූ විරූ වර්ෂාපතනයක් මෙවර වාර්තා වන බව විශේෂඥයින් නිවේදනය කර තිබේ.


ශීඝ්‍ර ඉදිකිරීම් සඳහා ඉන්ධන සපයන රැකියා සෙවීම සඳහා දිනපතා දහස් ගණන් මිනිසුන් මුම්බායි වෙත සංක්‍රමණය වේ, වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල, ජලයෙන් යටවීම නිසා විශාල වාහන තදබදයක් ඇතිව තිබේ. බස් සේවා සහ මගී දුම්රිය ධාවනය අඩාලව ඇත. සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් එම මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය අතට පත් වීමට දින දෙකක්වත් ගතවෙතැයි බලධාරීහු පවසති.

මීට අමතරව දකුණු කේරළ ප්‍රාන්තයට හා හිමාචල් ප්‍රදේශ්හි සමහර ප්‍රදේශවලට ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි