×

මුම්බායි අභිබවා දිල්ලිය කොරෝනා මරු කටට!

මේ වන විට දිල්ලිය තුළ ආසාදිතයින් වැඩි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ සැලසුම් රහිතව ලොක් ඩවුන් සීමා ලිහිල් කිරීම ඊට හේතු වී ඇති බවයි. 


ඊයේ (24) දිනය වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රදේශය ලෙස දිල්ලිය පත් වූයේ මෙතෙක් වැඩිම ආසාදිතයින් වාර්තා වූ මුම්බායි අභිබවා යමිනි.

ඒ අනුව දිල්ලියෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 70,390ක් වාර්තා වී තිබෙන අතර මුම්බායි හි රෝගීන් 69,625 ක් වාර්තා වී ඇති බව සඳහන්.

දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පසුගිය සඳුදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ දිනකට සිදුකරන කොරෝනා පරීක්ෂණ 18,000 ඉක්මවා ඇති බවයි.

මේ අතර අද දවසේදී මේ වන විට නව ආසාදිතයින් 16,922 හඳුනාගෙන ඇති අතර මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ගණන එය ලෙසයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

රට තුළ මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 473,105ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවුණු පැය 24ක කාලය තුළ 418 දෙනෙකු වෛරසය ආසාදනය වීම නිසා මිය ගොස් ඇති බවත් ඒ අනුව සමස්ත මරණ 14,894ක් දක්වාත් වැඩි වී තිබෙන බවත් සඳහන්.

එමෙන්ම පුද්ගලයන් 270,000 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

කෙසේවෙතත් මේ වන විට දිල්ලිය තුළ ආසාදිතයින් වැඩි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ සැලසුම් රහිතව ලොක් ඩවුන් සීමා ලිහිල් කිරීම ඊට හේතු වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි