×

මුෂාරෆ් ට මරණ දඬුවම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරමින් හදිසි නීතිය පැනවීම වෙනුවෙන් මුෂාරෆ් ට මරණ දඬුවම


පාකිස්ථානයේ හිටපු හමුදා නායක පර්වියෙස් මුෂාරෆ් හට අද (17) මරණ දණ්ඩනය නියම කෙරිණි.

පෙෂාවර් මහාධිරණ විනිසුරුවරයාගේ නායකත්වයෙන් යුත් විශේෂ අධිකරණයක් විසින් රාජද්‍රෝහී චෝදනා මත මෙම දඬුවම නියම කරන ලදී.

ජනරාල් පර්වියෙස් මුෂාරෆ් මේ වන විට 76 හැවිරිදි ය. ඔහු ඩුබායි රාජ්‍යයේ සිටින බව ද වාර්තා වේ.

2007 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හදිසි නීතිය පැනවීම නිසා 2014 වසරේදී මුෂාරෆ් රාජද්‍රෝහිත්වය සඳහා චෝදනා ලැබීය.

පාකිස්ථාන නායක ඉම්රාන් ඛාන් මේ වන විට මෙම තීන්දුව අහෝසි කිරීම සඳහා අධිකරණයට ගොස් තිබේ.

ඩුබායි හි රෝහලක සයනයේ සිට මුෂාරෆ්ගෙන් මෙම නඩු විභාගයට අදාළව වීඩියෝ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබු අතර, එහිදී ඔහු මෙසේ පවසයි. ‘‘අධිකරණ කොමිසමකට මෙහි පැමිණ මගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නට පුළුවන්. මගේ සෞඛ්‍ය තත්වය දෙස බලා තීරණයක් ගන්න. ඉන්පසු මගේ නීතීඥයා සමග මේ පිළිබඳ නඩු විභාගය ඉදිරියට ගෙන යා හැකියි.

මුෂාරෆ් පවසා තිබෙන්නේ ජීවිත තර්ජනයන් ඇති කර තිබෙන සිය සෞඛ්‍ය තත්වය සහ මහලු මව හේතුවෙන් තමන්ට නැවත පාකිස්ථානයට පැමිණිය නොහැකි බවයි.

2016 වසරේදී මුෂාරෆ් පාකිස්ථානයෙන් පිටව ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ද අවසරය ඇතිව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි