×

මෙක්සිකොවේ ගබ්සාව දඩුවම් ලබා දෙන වරදක් නොවේ

මෑත වසරවල පල්ලියේ බලපෑම හීන වෙමින් පවතින අතර රජය දැඩි අනාගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත.


මෙක්සිකෝවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ ගැබ් ගැනීම තවදුරටත් කාන්තාවන්ට දඩුවම් ලබා දිම සඳහා වූ තතවයක් නොවනබවත් එය දීම ව්‍යවස්ථා විරෝධී බවයි.

එරට උතුරු කොහුයිලා ප්‍රාන්තය සඳහා වූ මෙම නියෝගය මඟින් ගබ්සාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කාන්තාවන්ට නඩු පැවරීම වළක්වා ඇත.දැනට එරටේ ප්‍රාන්ත හතරක් හැර සෙසු සියලුම ප්‍රදේශවල ගබ්සාව දැඩි ලෙස සීමා කර ඇත .ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලුයිස් මාරියා අගුයිලර් මෙම පියවර විස්තර කළේ “කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ඓතිහාසික පියවරක්” ලෙස යි.

පසුගිය අඟහරුවාදා අධිකරණය කොහුයිලා ප්‍රාන්තයට නියෝග කළේ ගබ්සාව සඳහා වූ සම්බාධක එහි අපරාධ සංග්‍රහයෙන් ඉවත් කරන ලෙසයි.දැනට, ගබ්සාව නීත්‍යානුකූල වන්නේ ස්ත්‍රී දූෂණ හෝ මවගේ ජීවිතය අනතුරේ වැටෙන අවස්ථා හැර සෙසු සුළු ප්‍රාන්තය කිහිපයක පමණි.

The Information Group on Reproductive Choice (GIRE) සංවිධානය මේ තිරණයට සිය සහාය දක්වයි. ඔවුන් ගබ්සා කිරීමේ අයිතිවාසිකම් සඳහා උද්ඝෝෂණ කරන කණ්ඩායමකි.කොහුයිලා ප්‍රාන්තය එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට මායිම්ව පිහිටා ඇත.

මෙක්සිකෝව ලතින් ඇමරිකාවේ දෙවන විශාලතම කතෝලික රාජ්‍යයයි.මෙම තීරණය මෙක්සිකෝවේ කතෝලික පල්ලියේ සහ වඩාත් ගතානුගතික දේශපාලනඥයින්ගේ කෝපයට ලක්වඇත. කෙසේ වෙතත්, මෑත වසරවල පල්ලියේ බලපෑම හීන වෙමින් පවතින අතර රජය දැඩි අනාගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත.

bbc.comවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි