×

මෙන්න, අලුත්ම ෆේස් මාක්ස්!

කොවිඩ් වසංගතය විසින් ලෝකය වෙළා ගැනීමෙන් අනතුරුව, මුහුණු ආවරණ හෙවත් ෆේස් මාක්ස් ලෝකයට නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබේ.


මේ අතර, සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම, අතිශය නිර්මාණශීලී ෆේස්ක් මාස්ක් පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි.

ඒවා සැරසී තිබෙන්නේ Disney, Pixar, Marvel සහ Star Wars චරිතවලිනි. ඔව්, ස්ටා වෝස් හි ජනප්‍රියම චරිතයක් වන බේබි යෝඩා (Baby Yoda) ද දැන් මේ අනුව මුහුණේ පළඳගන්නට දැන් ඔබට පුළුවන.

CDC හෙවත් ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය මේ වන විට පවසා තිබෙන්නේ, ප්‍රසිද්ධ ස්ථානවලදී, විශේෂයෙන්ම කොවිඩ්-19 ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට එනම් 3 වන අදියරට ළඟ වී ඇති ස්ථානවල සිටින විටදී ජනතාවට ‘රෙදිවලින් නිමැයූ මුහුණු ආවරණ‘ (cloth face coverings) පළඳින ලෙස ය.

ඩිස්නි සමාගම මේ නවතම නිර්මාණශීලී නිෂ්පාදන පෙළ එළිදක්වන්නේ ඒ අනුව ය.

බේබි යෝඩා, හල්ක්, මිකී මවුස් යනාදී මෙකී නොකී චරිත රැසක් මේ රෙදි මුහුණු වැසුම්වලින් ඔබට සිහිපත් වනු ඇත.

හොඳම ප්‍රවෘත්තිය මේ කිසිවක් නොවේ.

මේ අලංකාර රෙදි මුහුණු වැසුම් සඳහා ඔවුන් විසින් අඩු මිලක් නියම කර තිබීමයි.

එනම්, ‘ෂොප් ඩිස්නි‘ වෙබ් අඩවිය ඔස්සේ (shopdisney.com) මේ මුහුණු වැසුම් 4 ක කට්ටලයක් ඩොලර් 19.99 කට ලබාගත හැකි වීමයි. ඒ අනුව ලංකාවේ මුදලින් නම් මේ අලංකාර මුහුණු වැස්මක් රු. 1000 ක් පමණ මිල වන නමුත්, ඇමරිකානුවන්ට ඩොලර් 5 ක් යනු සාක්කුවට එතරම් දැනෙන දෙයක් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි