×

මෙසී වෙනුවෙන් අපූරු රසවත් උපන්දින තෑග්ගක්;

මේ 2018 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කාල පරාසයියි. බාල මහලු කොයි කාගේත් කතා අතර ප්‍රධානම මාතෘකාව  මෙයයි. මේ කතා තුළ වැඩිපුරම කතාබහට ලක්වන පාපන්දු ක්‍රීඩකයන් අතරින් එක් අයෙක් ලෙස ආජන්ටිනා කණ්ඩායම  වෙනුවෙන් ක්‍රීඩා කරන බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ ලියොනල් මෙසී හැදින්විය හැකිය. මෙසීගේ තිස් එක් වන උපන්දිනය ඊයේ දින (24) ට යෙදී තිබුණි. මෙවර […]


මේ 2018 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කාල පරාසයියි. බාල මහලු කොයි කාගේත් කතා අතර ප්‍රධානම මාතෘකාව  මෙයයි. මේ කතා තුළ වැඩිපුරම කතාබහට ලක්වන පාපන්දු ක්‍රීඩකයන් අතරින් එක් අයෙක් ලෙස ආජන්ටිනා කණ්ඩායම  වෙනුවෙන් ක්‍රීඩා කරන බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ ලියොනල් මෙසී හැදින්විය හැකිය.

මෙසීගේ තිස් එක් වන උපන්දිනය ඊයේ දින (24) ට යෙදී තිබුණි. මෙවර ලෝක කුසලානයේ සත්කාරක රට වන රුසියාවේ මොස්කව් නුවර මේ දින වල මෙසී නවාතැන්ගෙන සිටින අතර මොස්කව්හී අල්ටුෆිඑවෝ  නම් ලෝක ප්‍රකට රසකැවිලි වෙලදසැල මෙසීට උපන්දින තෑග්ගක් දීමට සූදානම් කොට තිබුණි.

Bakers of Altufyevo Confectionery prepare a life-size chocolate sculpture of Argentine soccer player Lionel Messi to top a cake for the celebration of his upcoming birthday in Moscow, a host city for the World Cup, Russia June 23, 2018. REUTERS/Tatyana Makeyeva

වැලදසැලේ ප්‍රධානී ඩරියා මල්කිනා පැවසූයේ “අපි දැන ගත්තා මෙසීගේ උපන්දිනය 24 වන දින වන බවත් ඔහු මේ දින වල මොස්කව් වල සිටින බවත්, ඉතින් අපි තීරණය කළා ඔහු වෙනුවෙන් ඔහුගේ උසට හා බරට සමාන අනුරුවක් චොක්ලට් වලින් නිර්මාණය කට තෑගි කිරීමට” බවයි.

සේවකයන් 5 දෙනෙකුගේ මහන්සියෙන් කිලෝග්‍රෑම් 132ක් බරැති මෙසී අනුරුවක් චොක්ලට් වලින් නිර්මාණය කෙරුණි. එය ඔහුගේ උපන්දින කේක් ගෙඩිය මත නිර්මාණය කෙරුණි.

මල්කීනා පැවසූයේ තමා ආජන්ටීනා පාපන්දු කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් හා එක්ව මෙම අපූරු රසවත් තෑග්ග මෙසීට ලබා දීමට සූදානම් ව සිටි බවයි.

මේවන විට එය මොස්කව් නගරයට කිලෝමීටර 50ක් පමණ දුරින් වන බ්‍රොනිට්ස්කි දී ප්‍රදර්ශනය කොට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි