මෙම සිරුරු උත්තර් ප්‍රදේශ්හි, හමීර්පූර් සහ කාන්පූර් යන දිස්ත්‍රික්කවලින් ගංගාවට දමා ඇතැයි හදුනාගෙන තිබේ. පොලිසිය පැවසූවේ, මෙයට කාන්පූර් ජනයා වගකිව යුතු බවයි.
යමුනා නදියේ පාවුණු එක් මළ සිරුරක් අඩක් පිළිස්සී ඇති අතර, අනෙක්වා අවමංගල්‍යයකදී මිය ගිය තැනැත්‍තාට අන්දවා තබන වස්ත්‍ර අනුව සරසා තිබූ බව පැවසේ.
මෙම දිස්ත්‍රික්කවල මිනිසුන් කොරෝනා වයිරසය ආසාදනය වී මිය යාවි යැයි බියෙන් පසුවන බවත්, එබැවින් එකිනෙකාට සහයෝගය දක්වන්නේ නැති බවත්, දින දින කොරෝනා මරණ ගණන ඉහළ යන බැවින් නියමිත පරිදි අවසන් කටයුතුවත් ඉටු නොකර මළවුන්ගේ සිරුරු යමුනා නදියට විසිකරන බවත් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.
යමුනා නදිය සුභ කටයුතු දෙයක් ලෙස ඔවුන් සලකන බැවින්, මිය ගිය පසු මළසිරුර නදිය බාරගන්නා බව සිතා ඔවුහු ඒවා ඊට කැපකරති.
“මෝක්ෂද කලින්දි” යනුවෙන් එය හැදින්වේ. කෙසේ වුවත්, මළසිරුරක් යමුනා නදියේ ගලායාම සාමාන්‍ය තත්වයක් වුවත්, මළසිරුරු දුසිමක් පමණ තත්වයක් දක්වා පාවෙන්නට වීම මේවන විට ඉන්දියාව මුහුණදී තිබෙන බරපතල තත්වය පෙන්නුම් කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඩිල්ෂානි චතුරිකා දාබරේ