×

යුක්රේනය ආක්‍රමණයට එරෙහිව රුසියාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු පාපන්දු සමාජ සහ ජාතික කණ්ඩායම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය(Fifa) සහ Uefa(the Union of European Football Associations ) විසින් සියලුම තරඟ අත්හිටුවා ඇත. ලෝක සහ යුරෝපීය පාපන්දු පාලක ආයතන පැවසුවේ නැවත දැනුම් දෙන තුරු ඒවා තහනම් කරන බවයි.


ඒ අනුව රුසියානු පිරිමි කණ්ඩායම ලබන මාසයේ ඔවුන්ගේ ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ ක්‍රීඩා නොකරනු ඇති අතර කාන්තා කණ්ඩායමට ද මෙම ගිම්හානයේ යුරෝ 2022 තරඟය තහනම් කර ඇති බවයි.

Spartak Moscow කණ්ඩායමද යුරෝපා ලීගයෙන් ඉවත් කර ඇති අතර ඒ අනුව ඔවුන්ගේ අවසන් 16 ප්‍රතිවාදීන් වන RB Leipzig අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

Uefa රුසියානු බලශක්ති දැවැන්තයා වන Gazprom සමඟ ඇති අනුග්‍රහය ද අවසන් කර ඇත.

“පාපන්දු ක්‍රීඩාව මෙම තත්වයෙදි සම්පුර්ණයෙන්ම එක්සත් වන අතර යුක්රේනයේ පීඩාවට පත් සියලුම ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් යුක්ත වේ” යනුවෙන් Fifa සහ Uefa ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

රුසියානු පිරිමි කණ්ඩායම මාර්තු 24 වන දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී පෝලන්තයට මුහුණ දීමට නියමිතව තිබිණ.

රුසියාවේ පාපන්දු සංගමය යන මාතෘකාව යටතේ සහ ඔවුන්ගේ ධජය මෙන්ම ජාතික ගීය නොමැතිව ,ඔවුන්ගේ ඉදිරි තරඟ භූමිය තුළ අවසන් කළ යුතු බවට FIFA මීට පෙර තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, මෙම නවතම නිවේදනය විවේචනයට ලක් වෙයි.

නමුත් ස්කොට්ලන්තය සහ අයර්ලන්ත ජනරජය රුසියාව සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන්නට විය. මේ වන විට එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය මෙන්ම පෝලන්තය, චෙක් ජනරජය සහ ස්වීඩනය ඇතුළු තවත් රටවල් කිහිපයක්ද මෙම තීරණය ගෙන ඇත.

2022 චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගය, මැයි 28 වන දින ශාන්ත පීටර්ස්බර්ග් හි පැවැත්වීමට නියමිතව තිබූ අතර, බොහෝ සමාජ පාපන්දු සංගම් රුසියානු ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කිරිමට පියවර ගෙන ඇති අතර, තරඟාවලිය පැරීසියට ගෙන ගොස් ඇත.

මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය රුසියාවේ ජාතික ගුවන් සේවය වන ඒරොෆ්ලොට් සමඟ ඇති අනුග්‍රාහක ගනුදෙනුව අවසන් කර ඇති අතර Bundesliga club Schalke ප්‍රධාන අනුග්‍රාහක රුසියාවේ Gazprom සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය අවලංගු කර ඇත.

පසුගිය සතියේ රුසියානු බලශක්ති සමාගමේ ලාංඡනය ද ඔවුන් සිය නිල කමිසයෙන් ඉවත් කරන්නට විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි