×

යුක්රේනය රුසියානු නගරයකටත් ප්‍රහාර එල්ල කරයි

ප්‍රහාරය එල්ල වූ නගරය රුසියා-යුක්රේන දේශසීමා ආසන්නයේ පිහිටි නගරයකි.


යුක්රේන හමුදාව විසින් රුසියාවේ නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ බෙල්ගොරොඩ් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවක් වෙතයි.

ප්‍රහාරය එල්ල වූ නගරය රුසියා-යුක්රේන දේශසීමා ආසන්නයේ පිහිටි නගරයකි.

මේ බව රුසියානු බළධාරීන් විසින් තහවුරු කර තිබෙනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව යුක්රේනය විසින් රුසියානු භූමියකට ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව විසින් පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

ප්‍රහාරයෙන් අදාල ඉන්ධන ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන්ධන ගබඩාව ගිනිගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරයේ බවට සැළකෙන වීඩියෝ කිහිපයක්ද මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණයවෙමින් තිබෙනවා.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි