×

යුක්රේන යුද්ධය වසර ගණනාවක් පැවතිය හැකී; NATO සංවිධාන ප්‍රධානී

පසුගිය දා රුසියනු හමුදාවන් යුක්රේණයේ නැගෙනහිර කලාපයට ප්‍රහාර එල්ල කරන විට සෙලෙනෙස්කි නැවත වරක් ලෝක බලවතුන්ගෙන් නොසැලෙන සහයෝගයක් ඉල්ලා සිටින්නට විය. ඒ අනුව ඇමරිකාව හා බ්‍රිතාන්‍යයෙන් යහපත් ප්‍රතිචාරයන් ලැබුණා පමණක් නොව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් නවීන ආයුධ ලැබීමත් සිදුවිය. තත්වය මෙලෙසින් පවතින හෙයින් මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ යුද්ධයේ පිරිවැය ඉහළ මට්ටමක පවතින නමුත් වසර ගණනාවක් […]


පසුගිය දා රුසියනු හමුදාවන් යුක්රේණයේ නැගෙනහිර කලාපයට ප්‍රහාර එල්ල කරන විට සෙලෙනෙස්කි නැවත වරක් ලෝක බලවතුන්ගෙන් නොසැලෙන සහයෝගයක් ඉල්ලා සිටින්නට විය. ඒ අනුව ඇමරිකාව හා බ්‍රිතාන්‍යයෙන් යහපත් ප්‍රතිචාරයන් ලැබුණා පමණක් නොව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමත් නවීන ආයුධ ලැබීමත් සිදුවිය. තත්වය මෙලෙසින් පවතින හෙයින් මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ යුද්ධයේ පිරිවැය ඉහළ මට්ටමක පවතින නමුත් වසර ගණනාවක් පුරා පවතින යුද්ධයකදී බටහිර රටවල් යුක්රේනයට සහය වීමට සූදානම් විය යුතු බවයි.

ලෝකයේ නන් දෙසින් නවීනතම යුධ ආධාර යුක්රේනයට ලැබෙමින් පවතින හෙයින් නැගෙනහිර ඩොන්බාස් කලාපය රුසියානු පාලනයෙන් නිදහස් කර ගැනීමේ අවස්ථාව යුක්රේනය සතු වෙතැයි නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළ බව ජර්මනියේ Bild am Sonntag පුවත්පත වාර්තා කර තිබේ.

යුක්රේන හමුදාව සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් සමඟ යුක්රේනයට ගිය බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කරනු ලැබුවේ යුද්ධය ඇදී යන විට “යුක්‍රේන තෙහෙට්ටුව” ඇතිවීමේ අවදානමක් ඇති හෙයින් දිගු ගමනක් සඳහා බ්‍රිතාන්‍යය සහයෝගය ලබා දීම වැදගත් බවයි. මේ පිළිබඳව ජොන්සන් විසින් ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත ප්‍රකාශ කර තිබුණේ යුක්රේනයට ආයුධ, උපකරණ, පතොරම් සහ පුහුණුව ආක්‍රමණිකයාට වඩා වේගයෙන් ලැබෙන බව පිළිබඳ අදහස් කළ බවයි. එමෙන්ම රුසියා ජනාධිපතිගේ අනාගත ආක්‍රමණය වැලැක්වීම සඳහා බටහිර ආන්ඩු යුක්රේනයට දිගටම සහාය දිය යුතු බවත් යුක්රේනයට සහය දීම නතර නොකළ යුතු බවත්ය. වියදම් අධික වුවත්, මිලිටරි ආධාර සඳහා පමණක් නොව, බලශක්ති සහ ආහාර වෙනුවෙන්ද අවශ්‍ය සහය ලබා දිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

යුක්රේන හමුදාවට අලුතින් පත් කරන ලද බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රධානියා පවසා ඇත්තේ රුසියාව සමඟ ගොඩබිම් යුද්ධයක් ජය ගැනීමට එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවල් සමත් විය යුතු බව BBC වාර්තා කරයි.

රුසියන් හමුදා ඉලක්ක අතර ලුහාන්ස්ක් ප්‍රදේශය අතිශය වැදගත්ය. මෙහි සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීම සඳහා මොස්කව් ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ සිවියෙරොඩොනෙට්ස්ක් කාර්මික නගරයයි. එහිදී යුක්රේන හමුදාව ෂෙල් ප්‍රහාර එල්ල කරමින් රුසියන් හමුදා සමඟ දරුණු සටනකට මුහුණ දෙනු ලැබීය. එනමුත් රුසියාව නිවේදනය කර තිබුණේ ඔවුන් නගරය අත්පත් කර ගත් බවයි. මෙම තත්වය පිළිබඳව ලුහාන්ස්ක් ආණ්ඩුකාර Serhiy Gaidai යුක්රේන රූපවාහිනියට පවසා තිබුණේ නගරයම පාලනය කරන බවට නිවේදනය කරන රුසියානු ප්‍රකාශ බොරු බවත් ඔවුන් නගරයේ ප්‍රධාන කොටස පාලනය කළත් ඒ සමස්ත නගරයම නොවන බවත්ය.
යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් බ්‍රසල්ස්හි විසින් සිය ආරක්ෂක සම්බන්ධතා කණ්ඩායමේ රටවල් 50ක් පමණ හමුවී තවත් ආයුධ සහ පතොරම් ඉල්ලා තිබේ. විවිධ රටවලින් යුධ ආධාර, අවි ආයුධ ලැබුණේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් කොටසක් පමණක් බවත්, බර අවි වල අවශ්‍යතාවය දැඩිව පවතින බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඩොන්බාස්හි ප්‍රාදේශීය පරිපාලන ප්‍රධානියා පවසා තිබුණේ නගරයට බටහිර දෙසින්, රුසියානු මිසයිල Novomoskovsk හි ඉන්ධන ගබඩාවකට වැදී පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

2008 ජෝර්ජියා යුද්ධයෙන් සහ 2014 දී ක්‍රිමියාව ආක්‍රමණය කිරීමෙන් පසුව සිදු වූවාක් මෙන් පුටින්ට මෙම යුද්ධයෙන් ඉදිරියට යා හැකි පාඩම ඉගෙන ගන්නේ නම්, අපි ඊට වඩා වැඩි මිලක් ගෙවිය හැකි බවත්, කාලය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයින් රුසියාවට පහර දීමේ හැකියාව අලුත් කිරීමට වඩා වේගයෙන් තම පස ආරක්ෂා කර ගැනීමට ශක්තිය යුක්‍රේනයට ලබා දිය හැකිද යන්න මත සියල්ල රඳා පවතිනු ඇත. අපගේ කර්තව්‍යය වන්නේ යුක්‍රේනයේ පැත්තට කාලය බඳවා ගැනීමයි.”දීර්ඝ යුද්ධයක් සඳහා අප අපවම වානේ කර ගත යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබේ.

අපි විශේෂ හමුදා මෙහෙයුමක් ප්‍රකාශ කළේ යුක්රේනය නේටෝවට ඇදගෙන යාම සාපරාධී ක්‍රියාවක් බව බටහිරට පැහැදිලි කිරීමට අපට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා”, රුසියානු විදේශ ඇමති Lavrov මහතා පසුගියදා BBC සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි