×

යුනිසෙෆ් නයිරෝබි දරැවන්ට අත දෙයි

“අපට දැන් ගුවන්විදුලියට සවන් දිය හැකි දරුවන් ගණනාවක් සිටිනවා” යැයි උප ප්‍රාන්ත අධ්‍යාපන අධ්‍යක්ෂ ලිඩියා වන්ගෙචි මුගෙටි පවසයි.


COVID-19 වසංගතය 2020 මාර්තු මාසයේදී කෙන්යාවට ආසාදනය විමිත් සමග එරට පාසල් වැසී ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් මිලියන 17 කට වැඩි පිරිසකට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. මිට විකල්පයක් වශයෙන් කෙන්යාවේ විෂයමාලා සංවර්ධන ආයතනය විසින් යුනිසෙෆ් සමඟ සහයෝගයෙන් කෙන්යාවේ ගුවන් විදුලි නාලිකාව මගින් පාඩම් විකාශනය කිරිමට කටයුතු යොදා ඇත.

යුනිසෙෆ් විසින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම ගුවන් විදුලි කට්ටල 10,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කෙන්යාව පුරා අවදානමට ලක්විය හැකි නිවැසියන්ට ලබා දී ඇති අතර අවම වශයෙන් ළමුන් 40,000 කට එමගින් දුරස්ථ ඉගෙනුම් සඳහා ප්‍රවේශය පුලුල් වි තිබේ.

එයට අමතරව දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට සහාය වීම සඳහා පෙළපොත් බෙදා හැර තිබේ.ඔවුන්ගේ ආර්ථිකයද දැඩිව බිඳ වැටි තිබේ.ගුවන් විදුලි කට්ටල 100 කට වැඩි ප්‍රමාණයක් දුෂ්කර සමාජවටපිටාවක් පවතින කිබෙරා අවිධිමත් ජනාවාසයේ බෙදා හැර ඇත.

“අපට දැන් ගුවන්විදුලියට සවන් දිය හැකි දරුවන් ගණනාවක් සිටිනවා” යැයි උප ප්‍රාන්ත අධ්‍යාපන අධ්‍යක්ෂ ලිඩියා වන්ගෙචි මුගෙටි පවසයි. කිබෙරා හි බොහෝ නිවාස ජාතික විදුලි ජාලයට සම්බන්ධ නොවන බැවින් නව විද්‍යුත් ලාම්පුව හිරු බැස යෑමෙන් පසු ළමයින්ට නිවසේ ඉගෙනීමට උපකාරී වේ.

(unicef.org වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි