×

යුරොපයේ චා(ර්)ජර් ප්‍රමි​තිකර​ණයකට

යුරෝපයේ සාමාන්‍ය පුද්ගලයෙකු සතුව ජංගම දුරකථන චාජර් තුනක් පමණ ඇති අතර එයින් නිතිපතා දෙකක් භාවිතා කරයි.


යුරෝපා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද කරන ලද නව නීතියක් යටතේ දුරකථන සහ කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා විශ්වීය මට්ටමින් ආරෝපණ කල හැකි ප්‍රමිතාකරණයක් සහිත චාර්ජරයක් නිර්මාණය කිරීමට නිෂ්පාදන සමාගම්වලට දැනුම් දි ඇත.එය පොදු බවක පැවතිම මුලිකම අරමුණක්.නව විද්‍යුත් උපකරණයක් මිලදී ගැනීමේදී පවතින චාජර් නැවත භාවිතා කිරීමට පාරිභෝගිකයින් උනන්දු කර දීමෙන් සිදුවන නාස්තිය අවම කිරීම මෙහි අරමුණයි.

එසේ නොමැතිනම් සිදු වන්නේ භාවිතයෙන් ඉවත්කල චාර්ජර් පරිසරයට මුදා හැරිමයි.යුරෝපා සංගමය තුළ අලෙවි කරන සියලුම ස්මාර්ට්ෆෝන් වල USB චාජර් තිබිය යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.නමුත් ඇපල් සමාගම අනතුරු අඟවා ඇත්තේ එවැනි පියවරක් නව නිපැයුම් වලට හානි කබවත් යාවත් කාලින නොවන බවත්ය.

එමෙන්ම 2030 වන විට සෑම ඇපල් උපාංගයක්ම සහ භාවිතයක්ම කාබන් උදාසීන කිරීම තම සමාගමේ අරමුණක් බව වැඩිදුරටත් සඳහන් වේ.බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පැමිණෙන්නේ USB මයික්‍රෝ-බී ආරෝපණ කේබලය සමඟිනි.

ඇතැම් දුරකතන දැනටමත් වඩාත් නවීන යූඑස්බී-සී ප්‍රමිතියට මාරු වී ඇත.2018 දී යුරෝපා සංගමය තුළ ජංගම දුරකථන සමඟ අලෙවි කරන ලද චාජර් වලින් අඩකට පමණ USB micro-B connector තිබූ අතර 29% කට USB C connector සහ 21% කට Lightning connector සම්බන්ධකයක් තිබූ බව කොමිෂන් සභාව 2019 දී සිදු කල අධ්‍යයනයෙන් හදුනාගෙන ඇත.

කොමිසමේ පර්යේෂණ මගින් තහවුරු කර ඇත්තේ බැහැර කරන ලද සහ භාවිතයට නොගත් ආරෝපණ කේබල් මඟින් වසරකට ටොන් 11,000 කට වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් උත්පාදනය වන බව යි.යුරෝපා සංගමය තුළ පසුගිය වසරේදී ජංගම දුරකථන මිලියන 420 ක් සහ වෙනත් අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි වී ඇත.යුරෝපයේ සාමාන්‍ය පුද්ගලයෙකු සතුව ජංගම දුරකථන චාජර් තුනක් පමණ ඇති අතර එයින් නිතිපතා දෙකක් භාවිතා කරයි.

bbcවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි