×

යුරෝපයම දෙවනත් කරන Glastonbury සැණකෙළිය

ලෝකයේ නන් දෙසින් නිදහස, විමුක්තිය, අයිතිය හා සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසෙමින් ඇත. එක් තැනක වෙන දෑ තවත් තැනකට සංජානනය වෙමින් ඇත. ලෝකය තනි යායකි.


නියෝන් ආලෝකයෙන් ඒකාලෝක වන එකම සංගීත සුයාමයක් මවන Glastonbury එක්සත් රාජධානිය ඒකාලෝක කරමින් නිනාද වෙමින් ඇත.

පිරමීඩාකාර වේදීකාවට ගොඩවන 20 හැවිරිදි Billie Eilish ලක්ෂ සංඛ්‍යාත සිය රසික රසිකාවියන්ට ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපද කාන්තාවන්ට අඳුරු දවසක් උදාවූ බවයි. Roe v Wade තීන්දුවත් සමඟ ගැහැණියගේ මූලික අයිතීන් උදුරාගනු ලැබූ ඇමරිකානු ලිබරල් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ අප්‍රසාදය ප්‍රකාශ කර ඇත. ඇයට තව දුරටත් එය දරාගත නොහැකි වීම හේතුවෙන් මේ බව ප්‍රසිද්ධ වේදිකාව තුළ ඇය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය තුළ දක්නට ලැබේ.

Roe v Wade තීරණයෙන් අදහස් වන්නේ එක්සත් ජනපදය පුරා සිටින මිලියන ගණනක කාන්තාවන්ට ගබ්සා කිරීමේ නීත්‍යානුකූල අයිතිය අහිමි වීමකි. සිය සිරුර පිළිබඳ තීරණ ගැනීමේ මානව අයිතිය අහිමිවී යාමකි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත කාන්තාවන් සමඟ Billie Eilish අත්වැල් බැඳ ගැනීම ලෝකයේම අවධානයට ලක්ව ඇත. Ocean Eyes, Darkroom, Don’t Smile at Me,  No Time to Die, Everything I Wanted, My Future, ආදියෙන් රසික ජනාදරයට පත් ඇය ග්‍රැමී සම්මාන හතක්, ඇමරිකානු සංගීත සම්මාන දෙකක්, ගිනස් ලෝක වාර්තා දෙකක්, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන තුනක්, බ්‍රිට් සම්මාන තුනක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සහ ඇකඩමි සම්මානයක් ඇතුළුව අයිලිෂ් බහු ඇගයීම් ලබා ඇත.

ඇමරිකානු අධිකරණ තීරණයට විරුද්ධ වූ එකම සංගීත නිර්මාණකරුවා Eilish පමණක් නොවේ. මීට පෙර රාත්‍රියේදී Phoebe Bridgers විසින්ද ප්‍රසිද්ධියේ මෙම අධකරණ තීරණය වෙනුවෙන් අප්‍රසාදය පල කර ඇත. එහිදී අපේ ශරීර සමඟ කළ යුතු දේ අපට කියන්නට උත්සාහ කරන” “පැරණි” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ශාප කොට තිබිණ.

තත්වය මෙසේය.

ලෝකයේ නන් දෙසින් නිදහස, විමුක්තිය, අයිතිය හා සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසෙමින් ඇත. එක් තැනක වෙන දෑ තවත් තැනකට සංජානනය වෙමින් ඇත. ලෝකය තනි යායකි.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි