×

යුරෝපයේ මාරාන්තික ගංවතුර තත්වයෙන් ජර්මනියේ දුසිම් ගණනක් මියයයි – එක් දිස්ත්‍රික්කයක 1300ක් අතුරුදහන්

ජර්මනියේ දරුණුතම බලපෑමට ලක්වූ රයින්ලන්ඩ්-පලටිනේට් ප්‍රාන්තයේ පුද්ගලයන් 1,300 ක් අහර්වෙයිලර් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වී ඇතැයි උපකල්පනය කෙරේ.


ශතවර්ෂ ගණනාවකට පසු යුරෝපයේ ඇතිවී ඇති මාරාන්තික ගංවතුර තත්වය හේතුවෙන් ජර්මනියේ එක් දිස්ත්‍රික්කයක පමණක් 1300ක් දෙනා අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කලාපය තුළ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර වීදි ගංගා බවට පත් වී කාර් ගසාගෙන ගොස් නිවාස කඩා වැටී ඇත.

අධික වේගයෙන් ගමන් කරන ජල ධාරාව හේතුවෙන් බටහිර හා දකුණු ජර්මනියේ මුළු නගර හා ගම්මාන යටවී ගොඩනැගිලි කඩා වැටී නිවැසියන් අතරමං වී ඇති බව පොලිසිය පවසයි. දරුණු ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් ඇති අතර බලධාරීන් පැවසුවේ එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වඩාත්ම බලපැම් එල්ල වී ඇත්තේ ජර්මනියටයි. එරට වැසියන් 49 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර බෙල්ජියම් වැසියන් හය දෙනෙකු ද මිය ගොස් ඇත. ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය ද මෙම ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

ජර්මනියේ දරුණුතම බලපෑමට ලක්වූ රයින්ලන්ඩ්-පලටිනේට් ප්‍රාන්තයේ පුද්ගලයන් 1,300 ක් අහර්වෙයිලර් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වී ඇතැයි උපකල්පනය කෙරේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි