×

රජයේ මුදල් යුරෝ 300 ක් අවභාවිත කළ බවට ෆින්ලන්ත අගමැතිනියට චෝදනා – විමර්ශන ඇරඹෙයි !

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මැරින් මහත්මියට රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් එරට ටැබ්ලොයිඩ් පුවත්පතක් විසින් පළමුවරට හෙලිදරව් කළ අතර මේ වනවිට අදාල චෝදනාව පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 කි.

මේ සම්බන්ධයෙන් අගමැතිවරිය පවසන්නේ මෙම ක්‍රියාව නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවයි. තමන්ට පෙර සිටි අගමැතිවරුන්ද මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බවත් ඇය පවසා තිබෙනවා.

එසේම තමන් මෙම දීමනාව ඉල්ලා නොසිටි බවත් එම දීමනාව ගෙවීම පිළිබඳව තීරණය කිරීම සඳහා මැදිහත් නොවූ බවත් අගමැතිවරිය ට්විටර් පණවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

කෙසේ ‍නමුත් එරට නීති විශාරදයන් පවසන්නේ අගමැතිවරිය විසින් සිදුකළ මෙවැනි ගෙවීම් රජයේ ගිණුම් හරහා යළි ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් ෆින්ලන්ත ව්‍යවස්ථාවට අනුව නොමැති බවයි.

ඒ අනුව අගමැතිවරියගේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි