×

රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවෙකු ඇප මත මුදා හරී !

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.


මෙසේ මුදා හැර තිබෙන්නේ ඒ.ජී. පේරාරිවලන් නමැත්තෙකි.

ජීවිතාන්තය දක්වාර සිරගත කර තිබූ මෙම පුද්ගලයා දැනට වසර 30 කට වැඩි කාලයක් සිරගතව සිටි අතර මෙම තත්වය මත ඔහු මුදා හැරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඔහු අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවීමද එම තීරණයට හේතුවක් වී තිබෙනවා.

නිශ්චිතව නම්කළ දිනයකදී ආසන්නතම පොලිස් ස්ථානයට වාර්තා කිරීමේ අප කොන්දේසිය මත පේරාරිවලන් නිදහස් කර ඇති අතර විදෙස්ගත වීමද තහනම් කර තිබෙනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි