×

රජීව් ගාන්ධි ඝාතකයන් ව නිදහස් කරන්න බෑ – ඉන්දීය රජය කියයි.

‘එය ඉතා භයානක පූර්වාදර්ශයක් - a very dangerous precedent!“- ඉන්දීය මධ්‍යම රජය කියයි.


හිටපු ඉන්දීය අග්‍රමාතය රජීව් ගාන්ධි ගේ ඝාතකයන් නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.

පසුගියදා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබුණේ රජීව් ගාන්ධි ඝාතන නඩුවේ 7 දෙනෙක් නිදහස් කරන්නට ය. මේ වන විට මේ සත් දෙනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටිති.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය මතය දක්වමින් ඉහත කී දිවුරුම් ප්‍රකාශයෙන් මධ්‍යම ආණ්ඩුව කියා සිටියේ, එම වරදකරුවන් නිදහස් කළහොත් එයින් ‘‘ඉතා භයානක පූර්වාදර්ශයක්“ (a very dangerous precedent) සපයනු ඇති බවයි.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි, 1991 මැයි 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයක් මගින් ඝාතනය කරනු ලැබුවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ – LTTE) මගිනි.

India TV

රජීව් ගාන්ධි ඝාතනයට සුළු මොහොතකට පෙර. මරාගෙන මැරෙන බෝම්බකාරිය ඔහු වැළඳගන්නට සැරසෙමින්

පෙර ලිපි:

රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමේ ඉල්ලීම ඉන්දීය ජනපති ඉවතලයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි