×

රටවල් 114කට කොරෝනා පැතිරෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගත තත්වය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් (global pandemic) වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (12) දින ප්‍රකාශයට පත් කරනු ලැබීය.


මේ අනුව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඔවුන් අනතුරු අඟවන්නේ ලෝකයේ රටවල් 114කට මේ කොවිඩ් – 19 තත්වය පැතිර තිබියදී ය.

ඉතාලිය කොරෝනා තත්වය හේතුවෙන් සහමුලින්ම අඩපණ වී ඇති තත්වය තුළ කොරෝනා අවදානම බෙහෙවින් ඉහළ ගොස් තිබේ.

‘‘අපි දිනපතාම හදිසි සහ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රටවල්වලින් ඉල්ලා සිටිනවා.‘‘ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙද්‍රොස් ඇඩ්හැනම් (Tedros Adhanom Ghebreyesus) අවධාරණයෙන් පවසයි.

‘‘අපි අනතුරු ඇඟවීමේ සීනුව ඉතාම පැහැදිලිව සහ මහ හඬින් හඬවා තිබෙනවා..“ යැයි ද ඔහු පවසයි.

එංගලන්තය හැර යුරෝපයේ සියලු රටවලට අද පටන් ඇමරිකාව තහනනම්

කොරෝනා වෛරසය ලෝක වසංගත තත්වයක් දක්වා පැතිර යාමත් සමග ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපයේ සිට ඇමරිකාව දක්වා සියලු ගමන් අද පටන් තහනම් කරනු ලැබීය. මෙම තහනම අදාළ නොවන්නේ එංගලන්තයෙන් ගමන් අරඹන ගුවන් යානා සඳහා පමණි.

මෙම තහනම බලපවත්වනු ලබන්නේ දින 30 ක කාලයකට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි