×

රටවල් 27 ක් – මිලියන 446 ක් : මුළු යුරෝපා සංගමයටම කෝවිඩ් එන්නත !

යුරෝපා සංගමය මහාපරිමාණ එන්නත්කරණය ආරම්භ කර තිබේ.


මෙහිදී යුරෝපා සංගමයට අයත් රටවල් 27ටම එන්නත ලබාදීම සිදු වේ.

මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 446 කි.

එය “එකමුතු බවේ හැගීම්බර මොහොතක්” බව යුරෝපීය කොමිසමේ සභාපති අර්සලා වොන් ඩෙර් ලෙයෙන් පසුගිය සෙනසුරාදා පැවසුවා ය.

මෙය සිදුවූයේ යුරෝපීය ඖෂධ ආයතනය (European Medicines Agency – EMA) සහ යුරෝපීය කොමිසම එක්සත් ජනපද – ජර්මානු ෆයිසර් එන්නතට අනුමැතිය ලබා දීමෙන් අනතුරුව ය.

ඇතැම් රටවල් තවත් දිනක් පමා නො කොට සෙනසුරාදා ම එන්නත ලබා දුන්නෝ ය.

මේ වන විට යුරෝපා සංගමය තුළ කොවිඩ් මරණ 335,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.මිලියන 14කට අධික පිරිසක් ආසාදිතයන් බවට පත් වී ඇති අතර සෑම සාමාජික රටක ම පාහේ දැඩි ලොක්ඩවුන් තත්ත්ව ක්‍රියාත්මක වේ.

එන්නත් මාත්‍රා බිලියන 2කට අධික ප්‍රමාණයක් යුරෝපා සංගමය මේ වන විට ඇනවුම් කර තිබේ.

පසුගිය දිනවල ඉන්දියාවෙන් දැනගන්නට ලැබුණේ ගව මුත්‍රා පානය කිරීමෙන් කෝවිඩ් සුව වන බවට පළ වූ මතයක් නිසා දහස් සංඛ්‍යාත ජනතාව ගව මූත්‍රා පානය සඳහා පෙළ ගැසී සිටි ආකාරයයි.

ලංකාවේ ද ධනපාල පැණිය ලබාගැනීම සඳහා සියලු නිරෝධායන නීති කඩ කරමින් දහස් සංඛ්‍යාත ජනතාව ඇදී එන ආකාරය දැකගත හැකි විය.

මේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙක අපට පෙන්වා දෙන්නේ කුමක් විය හැකිද? එක්කෝ යුරෝපයට වැරදී ඇත. නැතිනම් අපට වැරදී ඇත. ලංකාව කෝවිඩ් එන්නත ගෙන්වා ගැනීම ගැන කතා බහ කරන්නටවත් පටන් ගත්තේ මේ සතියේ සිට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි