×

රට ආර්ථික අර්බුදයක. තේ පානය අඩු කළ යුතුයි.

උද්ධමනය ඉහළ යාමත්, පාකිස්තානු රුපියල අවප්‍රමාන විමත් හේතුවෙන් තේ පානය අඩු කරන ලෙස රජය සිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ලොව ප්‍රමුඛතම තේ ආනයනකරු වන්නේ පකිස්ථානයයි. වාර්ෂිකව ඔවුන් විසින් තේ කොළ සඳහා කරන ලද වියදම ඩොලර් මිලියන 600 පමණ වේ. එරට ෆෙඩරල් අමාත්‍ය Ahsan Iqbal රජයේ ආනයනික වියදම් හා ඉදිරි සැළසුම් පිළිබඳ කල්පනා කර දිනකට තේ පානය […]


උද්ධමනය ඉහළ යාමත්, පාකිස්තානු රුපියල අවප්‍රමාන විමත් හේතුවෙන් තේ පානය අඩු කරන ලෙස රජය සිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ලොව ප්‍රමුඛතම තේ ආනයනකරු වන්නේ පකිස්ථානයයි. වාර්ෂිකව ඔවුන් විසින් තේ කොළ සඳහා කරන ලද වියදම ඩොලර් මිලියන 600 පමණ වේ.
එරට ෆෙඩරල් අමාත්‍ය Ahsan Iqbal රජයේ ආනයනික වියදම් හා ඉදිරි සැළසුම් පිළිබඳ කල්පනා කර දිනකට තේ පානය කරන ප්‍රමාණය කෝප්පයකට දෙකකට සීමා කරන ලෙස ඉල්ලා ඇත. මේ වන විට රට තුළ විදේශ මුදල් සංචිත ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. ඔවුන් සතු සංචිත ප්‍රමාණවත් වන්නේ මාස දෙකකට පමණක් බව රජය විසින් තොරතුරු අනාවරණය කර ඇත. රොයිටර් පුවත් සේවයට අනුව මහ බැංකුව සතු අරමුදල් පෙබරවාරි අවසානයේදී ඩොලර් බිලියන 16.3 සිට මැයි වන විට ඩොලර් බිලියන 10 දක්වා පහත වැටී ඇත.
පකිස්තානයේ බොහෝ දෙනෙක් Ahsan Iqbalගේ ආයාචනය සමච්චලයට ගෙන ඇති අතර තේ පරිභෝජනය කපා හැරීමෙන් පමණක් පවතින දුක්ඛිත ආර්ථික තත්වය ලිහිල් නොවන බව ප්‍රකාශ කර තිබෙනු සමාජ මාධ්‍ය තුළ බහුලය.
පකිස්ථානය මාස ගණනාවක් තිස්සේ දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින අතර, ආහාර, ගෑස් සහ තෙල් මිල ඉහළ ගොස් තිබේ. ඉම්රාන් ඛාන් යටතේ රටතුළ පැවැති වැරදි ආර්ථික කළමණාකරනය මේ වෙනුවෙන් හේතු වන්නට ඇති බවට චෝදනා වේ. ද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය සංචිත ස්ථාවර කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ආනයන මත රට යැපීම අඩු කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ නවතා දැමූ බව ප්‍රවෘත්ති අමාත්‍ය Marriyum Aurangzeb මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ.
රටට අවශ්‍ය විදේශ විනිමය රැක ගැනීමට නම් කප්පාදුකිරීම් ඉවසිය යුතු බව ජනාධිපති Shehbaz Sharif සිය ජනතාව වෙත දැනුම් දී ඇත.
මේ වන විට පාකිස්ථානු රජය ලෝක මූල්‍ය අරමුදල (IMF)සමඟ සාකච්ඡා පවත්වන අතර ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය උත්සුක වේ. ඒ අනුව යමින් රට තුළ පනවා තිබූ ඉන්දන මිල සීමා කිරීම්, මේ වන විට රජය විසින් ඉවත්කර ඇත.
2022-2023 වෙනුවෙන් පසුගිය සතිය තුළ ඩොලර් බිලියන 47 නැවුම් අයවැයක් එළි දැක්වීමට පාකිස්තානු රජය සමත්ව තිබේ. මෙහි ප්‍රමුඛතම අභිලාෂය සමෘද්ධිමත් පකිස්ථානයක් ගොඩ නැගීම බව රජයේ විසින් නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි