×

රාමායනය දිගේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන දුම්රිය – ශ්‍රී රාමායන එක්ස්ප්‍රස්

සෝනියා ගාන්ධි සමයේ ඉන්දියාව රාම සේතු පාලම විනාශ කිරීමට සැලසුම් සකස් කළේය. එය, රාමායනය ප්‍රබන්ධයක් නොවන බවට පැවති ප්‍රධානතම සාධකයයි.


සංචාරක වන්දනාකරුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ඉන්දියාව, දැන් රාමායනය යළි ජීවමාන කරමින්, රාමායනයේ සඳහන් සියලු ස්ථාන යා කරමින් නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇත.

පසුගිය නොවැම්බර් 14 වැනිදා දියත් කළ මේ දුම්රිය සේවාවේ නම ‘ශ්‍රී රාමායන එක්ස්ප්‍රස්‘ (‘Shri Ramayana Express’) ය. එහි ප්‍රධාන අරමුණ, රාමායනයේ සඳහන් ස්ථාන සියල්ල ආවරණය කිරීමට වන්දනාකරුවන්ට අවස්ථාව ලබාදීමයි. ‍ෙ

රාම සීතා කතාව ඇතුළත් වාල්මිකී ලියූ රාමායනය, ඉන්දියාවේ හින්දු බැතිමතුන් අතර අදට ද විශාල ජනප්‍රියත්වයක් උසුළයි. රාම දෙවියන් පිදීම ලංකාවේ පවා හින්දු බැතිමතුන් අතර බහුල වශයෙන් දැකගත හැකිය. රාම දෙවියන්ට සම්බන්ධ සියලු නගර නාම නැවත ජීවමාන කිරීමට මෙම දුම්රිය ව්‍යාපෘතිය හරහා ඉන්දියාව සැලසුම් කරයි. එය නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවේ තවත් තීරණයකි. මෝදි ආණ්ඩුවේ දුම්රිය ඇමති ප්‍රයූෂ් ගෝපාල් මේ සම්බන්ධව ට්වීට්ස් කිහිපයක් ද කර තිබේ. මෙම ව්‍යාපෘතිය හසුරුවනු ලබන්නේ IRCTC (Indian Railway Catering and Tourism Corporation) විසිනි.

මෙම සම්පූර්ණ ගමන සඳහා දින 16 ක් ගත වන අතර, ඒ සඳහා දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල ඉන්දියානු රුපියල් 15,120 කි. දුම්රිය ආසන 800 ක් රාමායන් එක්ස්ප්‍රස් හි තිබේ.

මෙම ගමන් පැකේජය, ‘රාමායන යාත්‍රා පැකේජය‘ යනුවෙන් නම් කර තිබේ.

මේ අනුව, දිල්ලියෙන් ගමන් අරඹන මේ දුම්රිය මුලින්ම අයෝධ්‍යා ප්‍රාන්තයට ගොස් එතැනින් නන්දිග්‍රෑම්, සීතාමහ්රි, ජනක්පූර්, වාරණසී, ප්‍රයැග්, ශ්‍රීගවර්පූර්, චිත්‍රකූට්, හැම්පි, නාසික් සහ රාමේෂ්වරම් වෙත ගොස් එතැනින් ශ්‍රී ලංකාව බලා එනු ඇත.

ඒ අනුව මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ගමනාන්තය වනු ඇත්තේ ශ්‍රී ලංකාව ය. එසේ වන්නේ කෙසේදැයි ඉන්දියානු ඉකොනොමිස්ට් ටයිම්ස් පුවත්පත පැහැදිලි කරයි. ඒ අනුව චෙන්නායි හි සිට ශ්‍රී ලංකාව දක්වා මේ මගීන් ගමන් ගත යුත්තේ ගුවන් මාර්ගයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි