×

රුසියානු විපක්ෂ නායකයා කෝමා තත්වයේ – තේ ‍කෝප්පයට දමා වස දීලා

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අති ප්‍රබල විෂක් ශරීරගත වීම හේතුවෙනි.


රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අති ප්‍රබල විෂක් ශරීරගත වීම හේතුවෙනි.

රුසියානු විපක්ෂ නායකයා ඊයේ (20) රුසියාවේ ටොස්ම්ක් නගරයේ සිට මොස්කව් බලා ගුවනින් ගමන් කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වී ඇත. ඉන්පසු ඔහු රැගත් ගුවන් යානය ඕම්ස්ක් ගුවන් තොටුපල වෙත ගොඩබස්වා විපක්ෂ නායකයා රෝහල්ගත කර තිබේ.

සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ ඔහුට විෂ ශරීරගත වීමක් සිදුව ඇති බවයි. ඔහුගේ සමීපතමයන් පවසන්නේ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙය සිදුකර ඇති බවයි. නාවල්නි ගුවන් යානයට ගොඩවීමට පෙර ගුවන් තොටුවල ආපන ශාලාවකදී තේ කෝප්පයක් පානය කර ඇති අතර දැනට සැක කරන්නේ එම තේ කෝප්පයට වසා දමා තිබෙන්නට ඇති බවයි.

කෝමා තත්වයේ පසුවන රුසියානු විපක්ෂ නායකයා රැගෙන ඒම සඳහා ජර්මන් ගුවන් ගිලන් රථයක් සයිබීරියාව වෙත පැමිණ ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් නාවල්නිට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායමේ මතය වන්නේ ගුවනින් ජර්මනියට ගෙනයාමට තරම් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බවයි. එය ඔහුගේ ජීවිතය අවදානමට හෙළීමක් වියහැකි බව ද වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

මේ වනවිටත් ජර්මනියේ බර්ලින් අගනුවර විශේෂ රෝහලක්, රුසියානු විපක්ෂ නායකයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සූදානම් කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රබල එදිරිවාදියෙකු ලෙස සැලකෙන නාවල්නිට විෂ ශරීරගතව අසාධ්‍ය තත්වයට පත්වීම සම්බන්ධයෙන් සෘජුවම ඇඟිල්ල දිගු වන්නේ පුටින් වෙතටයි.

පුටින් පාලනයේ දූෂණ-වංචා, මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් දැඩිව හඬ නැගූ නාවල්නි ඒ නිසාම විවිධ තර්ජනවලට ලක් විය. පසුගිය වසරේදී ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඔහුට වස ලබ දී ඇති බවටද වාර්තා විය.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි