×

රුසියාවට හා බෙලරුසියාවට 2024 පැරිස් ඔලිම්පික් උළෙල තහනම් වන ලකුණු

වසර 30කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ බලගතු චරිතයක් වන රීඩී විශ්වාස කරන්නේ රුසියාවට සහ බෙලරුසියාවට ඉක්මනින්ම ජාත්‍යන්තර ක්‍රීඩාවට නැවත ඉඩ ලබා දීමට ඇති ඉඩකඩ අඩු බවයි.


රුසියාවට සහ බෙලරුසියාවට 2024 වසරේ පැරිස් ඔලිම්පික් උළෙල තහනම් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි ( IOC) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ශ්‍රීමත් ක්‍රේග් රීඩී අනතුරු අඟවා තිබේ.

වසර 30කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ බලගතු චරිතයක් වන රීඩී විශ්වාස කරන්නේ රුසියාවට සහ බෙලරුසියාවට ඉක්මනින්ම ජාත්‍යන්තර ක්‍රීඩාවට නැවත ඉඩ ලබා දීමට ඇති ඉඩකඩ අඩු බවයි.

යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවට පැරිස් ඔලිම්පික් තරඟ තහනම් වන බව කියැවේ. “ගෝලීය ක්‍රීඩා තරඟවල අඛණ්ඩතාව සහ සියලුම සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සඳහා” රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ඉසව්වලට තරඟ කිරීම වැළැක්විය යුතු බව IOC විසින් පෙබරවාරි මාසයේදී නිර්දේශ කරන ලදී. එය එලෙසින්ම මේ වන විටත් ක්‍රියාත්මක බව කියැවේ.

රුසියානුවන්ට තනි තනිව ජාත්‍යන්තරව තරඟ කිරීමට ඉඩ සලසන පාපැදි පැදීම, ජූඩෝ සහ ටෙනිස්, වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීමේ නිදහස හිමි වේ. රීඩී පවසන්නේ බොහෝ රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් හට 2024 ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ස්ථාන ඉදිරිපත් කර ඇති එම ඉසව්වලට තරඟ කිරීමට නොහැකි වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි