×

රොඩ්රිගෝ ඩුටර්ටේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

පිලිපීනය විසින් නිකුත් කරන ලද නවතම නිල දත්ත වලට අනුව, 2016 ජූලි මාසයේ සිට සිදු කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් 200,000 කට අධික සංඛ්‍යාවකදී අවම වශයෙන් පුද්ගලයින් 6,181 ක් මිය ගොස් තිබේ.


පිලිපින රජයේ මත්ද්‍රව්‍ය විරෝධී මර්ධන ක්‍රියාපිලිවෙත පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පැවැත්වෙන විමර්ශනයට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ සහයෝගය නොදක්වන බව ඔහුගේ නීතීඥවරයා පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ එවැනි චෝදනාවක් එල්ල කිරිමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරුවරුන් පසුගිය බදාදා සඳහන් කලේ ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය විරෝධී මර්ධනකාරි වැඩපිලිවෙල හේතුවෙන් මිනිසුන් දස දහස් ගණනක් මිය ගොස් ඇති බවයි.එය පිලිපිනයේ සිවිල් වැසියන්ට එරෙහි නීත්‍යානුකූල නොවන හා ක්‍රමානුකූල මර්ධනයක් බවත් චෝදනා එල්ල කරන්නට විය.පිලිපීනයේ මෙම තොරතුරු සහ සාක්ෂි එකතු කිරීමට රජය කිසිදු ජාත්‍යන්තර අපරාධ අධිකරණ සාමාජිකයෙකුට ඉඩ නොදෙන අතර ඔවුන්ට ඇතුළුවීම තහනම් කර තිබේ.

ලොව ඉහලින්ම ඇති යුද අපරාධ අධිකරණයට ඩුටර්ටේ අපහාසාත්මකව ප්‍රතිචාර දක්වමින් මෙම චෝදනා “ගොන් කතා” ලෙස හඳුන්වන අතර එහි පරීක්ෂණ සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවට සඳහන් කරන්නට විය.පිලිපීනය විසින් නිකුත් කරන ලද නවතම නිල දත්ත වලට අනුව, 2016 ජූලි මාසයේ සිට සිදු කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් 200,000 කට අධික සංඛ්‍යාවකදී අවම වශයෙන් පුද්ගලයින් 6,181 ක් මිය ගොස් තිබේ.

www.bangkokpostවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි