×

රෝලර්කෝස්ටර් සවාරි යෑමේදී පොලීසියට දැනුම් දෙන iPhone 14 හි නව crash detection විශේෂාංගය

එය පරිශීලකයා අනතුරක​ට ලක් වූ විට බලධාරීන්ට දැනුම් දෙන audio message එකක් වාදනය කරන අතර සහ ඔවුන් හට Crash Detection feature එක මගින් ස්ථානය ද බලධාරීන් හට සපයයි.


iPhone 14 හි නව crash detection විශේෂාංගය මඟින් පරිශීලකයා රිය අනතුරකට ලක්ව ඇති බව අනාවරණය වූ විට බලධාරීන්ට දැනුම් දෙන අත​ර, මේ වන විට එම විශේෂාංගයහි bug එකක් හදුනාගෙන ඇත. එනම් එය රෝලර්කෝස්ටර් සවාරි වලදී 911 හරහා පොලීසිය අමතන බවයි .

Simulated මෝටර් රථ අනතුරු සමඟ අත්විඳින ලද බලපෑම පිළිබඳව පුහුණු කරන ලද gyroscopic sensor සහ high-g accelerometer උපාංගය වෙත, පරිශීලකයා හදිසි අනතුරකට ලක්ව ඇති බව sensors හඳුනා ගන්නේ නම්, ඔහු තත්පර 20ක් ඇතුළත එම alert එක අක්‍රීය නොකරන්නේ නම්, ඔහුගේ iPhone හි Crash Detection ක්‍රියාත්මක ​වී හදිසි සේවා අමතයි.

එය පරිශීලකයා අනතුරක​ට ලක් වූ විට බලධාරීන්ට දැනුම් දෙන audio message එකක් වාදනය කරන අතර සහ ඔවුන් හට Crash Detection feature එක මගින් ස්ථානය ද බලධාරීන් හට සපයයි.

The Wall Street Journal හි වාර්තාවකට අනුව, රෝලර්කෝස්ටර් මත ඇති වන දැඩි තිරිංග සැබෑ හදිසි අවස්ථාවක් ලෙස වරදවා වටහා ගැනීමෙන් පසු iPhone 14 හී ඇති Crash Detection feature එක බොහෝ අවස්ථා වලදී ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

එය සිදුවන අයුර පහත tweet එකෙන් මනාව දැකිය හැකිය.

ඔබට නව iPhone 14 හෝ Apple Watch තිබේ නම් ඔබ රෝලර්කෝස්ටර් වලින් වැළකී සිටිය යුතු බව මින් අදහස් නොවේ. උපාංගය තාවකාලිකව airplane mode දැමීමෙන් හෝ settings තුළ විශේෂාංගය අක්‍රිය කිරීමෙන් ඔබට හදිසි ඇමතුම් වළක්වා ගත හැකි වේ.

SOURCE: THE WALL STREET JOURNAL



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි