×

රෝහින්ග්‍යා ජනසංහාරය ගැන එ.ජා සංවිධානයෙන් මියන්මාර් හමුදාවට චෝදනා

එක්සත් ජාතීන්ගේ වාර්ථාව මඟින් මියන්මාර් හමුදාවේ මුල්පෙළේ නිළධාරීන් 6 දෙනෙකුගේ නම් ඉදිරිපත් තර ඇත.


මියන්මාරයේ රෝහින්ග්‍යා ජන සංහාරයට සක්‍රීය ලෙස මැදිහත් වී යැයි මියන්මාර් ආරක්ෂක අංශයේ නිළධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවට එක්සක් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

පීඩනයට පත් රොහිනග්‍යා ජනතාව අතර 100 දෙනෙකුගෙන් පමණ ගත් සම්මුඛ සාකච්ඡා වලට අනුව මෙම මුල් පෙළේ නිළධාරීන්ට එරෙහිව චෝදනා කිරීමට අවශ්‍ය සාක්ෂි ලැබිණි.

අඩුම තරමේ ලක්ෂ 7ක සංඛ්‍යාවක් රොහිනග්‍යානුවන් පිරිසක් පසුගිය මාස 12 කාලය තුළ මියන්මාරය හැරගොස් සිටී.

මෙම එක්සත් ජාතීන්ගේ වාර්ථාව මඟින් මියන්මාර් හමුදාවේ මුල්පෙළේ නිළධාරීන් 6 ටදටනකුගේ නම් ඉදිරපත් තර ඇත.

එහිදී රොහිනග්‍යාවරුන්ට විරුද්ධව මියන්මාර් රජයේ මර්ධන වැඩපිළිවෙළ නවතාලීම සඳහා මැදිහත්වීමට උනන්දුවක් නොදැක්වී යැයි සාමය සඳහා නෙබෙල් සම්මාන ලාභා අවුන් සාං සුකී වෙතද විවේචන එල්ල වී ඇත.

ඒ අනුව මෙම නිලධාරීන් ජාත්‍යන්තර අපරාද අධිකරණයට කැඳවෙනු ඇති.

මෙතෙක් මියන්මාර් රජය දිගින් දිගටම කියා සිටියේ තමන් රෝහිනග්‍යානුවන්ට එරෙහිව නොව කැරළිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බවයි. නමුත් එක්සත් ජාතීන්ගේ වාර්ථාව පෙන්වා දෙන්නේ රජයේ එම මැඩලීමේ ක්‍රියා පමණ ඉක්මවා සිදු කර ඇති බවයි. මන්ද ඔවුන් පවසන්නේ හමුදාමය ත්‍රියාමාර්ගයක් තුළ සමූහ දූෂණ, සොයා බැලිමකින් තොරව සමූහ ඝාතන . ළමා අපයෝජන සහ අඩන්තේට්ටම් තිබිය නොහැකි බවය.

මෙවැනි වාර්ථාවක් සඳහා මියන්මාරය තුළ කටයුතු කිරීමේ නීතිමය අයිතියක් නොතිබුණද ඔවුන් පවසන්නේ ඇසින් දුටු සාක්ෂි, සැටලයිට් ඡායාරූප , අනෙකුත් ඡායාරුප සහ වීඩියෝ ඇසුරින් මෙම නිගමනයන්ට එලැඹුණ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි