×

ලංකාව ත්‍රිවිධ ආරක්ෂාව අතින් අස්ථිර රටක් – 2020 Travel Risk Map

2020 වසරේ ලෝකයේ රටවල සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වාර්තාව (Travel Risk Map) එළිදක්වා තිබේ.


මෙහිදී අවධානය යොමු කරන්නේ මාර්ග ආරක්ෂාව, මහජන ආරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව යන අංශ ත්‍රිත්වයයි.

මෙම ත්‍රිවිධ ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාව වර්ගීකරණය කර තිබෙන්නේ ‘variable’ හෙවත් ‘වෙනස්වන/අස්ථිර/විචල්‍ය/අනියත‘ යන කාණ්ඩය යටතේ ය.

ලෝකයේ ආරක්ෂිතම රටවල් 3

ලෝකයේ ආරක්ෂිතම රටවල් 3 වන්නේ ෆින්ලන්තය, නෝර්වේ සහ අයිස්ලන්තයයි.

අනාරක්ෂිතම රටවල් 4

ඉහත කී කාණ්ඩ 3 යටතේම ලිබියාව සහ සෝමාලියාව පවතින්නේ පහළම ලකුණු අතර ය. ඇෆ්ගනිස්ථානය සහ වෙනිසුවෙලාව ද මේ තත්වයේම පසුවෙමින් ලෝකයේ භයානකම රටවල් බවට පත්ව තිබේ.

සෞඛ්‍යාරක්ෂාව අඩුම රටවල්

සෞඛ්‍යාරක්ෂාව අතින් ලෝකයේ වැඩිම අවදානමක් සහිත රටවල් ලෙස 2020 සඳහා නම් කර තිබෙන්නේ අප්‍රිකානු කලාපයයි. ඒ යටතේ නයිජර්, ගිනියාව, සියරාලියොන්, ලයිබීරියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව (අතීතයේ කොංගෝව) වේ.

මහජන ආරක්ෂාව අඩුම රටවල්

මහජන ආරක්ෂාව යටතේ පර්යේෂකයන් විසින් සංචාරකයන් දේශපාලන ප්‍රචණ්ඩත්වයට (ත්‍රස්තවාදය ඇතුළුව), සමාජ නොසන්සුන්තාවයන්, සෙසු ප්‍රචණ්ඩත්වයන් සහ සුළු අපරාධවලට ලක්වීමේ ඉඩකඩ සලකා බලයි.

මේ අනුව මහජන ආරක්ෂාව අඩුම රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය, සිරියාව, යේමනය, ඉරාකය, සෝමාලියාව, ලිබියාව සහ නයිජීරියාවේ ඇතැම් පළාත් හඳුනාගෙන තිබේ.

නෝර්වේ, ග්‍රීන්ලන්තය, ෆින්ලන්තය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ස්ලෝවේනියාව සැලකෙන්නේ මහජන ආරක්ෂාව අතින් ලෝකයේ ආරක්ෂිතම රටවල් වශයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි