×

ලිංගිකත්වය මත දිවි අහිමි වූ ශ්‍රේෂ්ඨ ගණිතඥයා ඇලන් ටියුරින් වෙනුවෙන් එංගලන්තයේෙ නව පවුම් 50 නෝට්ටුවක්!

ගණිතඥයකු හා පරිගණක විද්‍යා පුරෝගාමියකු වූ ඇලන් ටියුරින් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට මිත්‍ර පාක්ෂිකයින් හට අවශ්‍ය පරිගණක පද්ධතීන් හි යුධ කේතයන් වෙනස් කොට ඉමහත් සේවයක් කළ රණවිරුවෙකි.


ගණිතඥයකු හා පරිගණක විද්‍යා පුරෝගාමියකු වූ ඇලන් ටියුරින් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට මිත්‍ර පාක්ෂිකයින් හට අවශ්‍ය පරිගණක පද්ධතීන් හි යුධ කේතයන් වෙනස් කොට ඉමහත් සේවයක් කළ රණවිරුවෙකි.

එහෙත්, ටියුරින් ගේ ලිංගිකත්වය මත පදනම් ව එවකට රජය විසින් ඔහුට විවිධ හිංසා පීඩා වලට ලක්කොට නෙරපා හරින ලදී.

එංගලන්ත බැංකුව විසින් ඉකුත් 25 වන දින පවුම් 50 ක නෝට්ටුවක් මුද්‍රණය කර තිබෙන අතර, එහි ඇලන් ටියුරින් ගේ රුව සහිතයි. මෙම පවුම් 50 නෝට්ටුව මුද්‍රණය කර තිබෙන්නේ ටියුරින් කළ සේවය සනිටුහන් කිරීමටයි.

ඇලන් ටියුරින් උපත ලබන්නේ 1912 ජූනි 23 වන දිනය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කේම්බ්‍රිජ් හි ය. ප්‍රින්ස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් හැදෑරීමට වසර කිහිපයක් ගත කරන ටියුරින් නැවත කේම්බ්‍රිජ් වෙත ගොස් රජයේ නීති සංග්‍රහයට හා සයිෆර් පාසලට සම්බන්ධ විය.

දෙවන ලෝක සංග්‍රාමයේදී ටියුරින් සුප්‍රසිද්ධ බ්ලෙච්ලි උද්‍යානයේ සේවය කළ අතර, එහිදී රහස් සන්නිවේදනයන් සම්ප්‍රේශණය කිරීම සඳහා ජර්මානු නාවික හමුදාව විසින් භාවිතා කරන ලද එනිග්මා කේතය බිඳ දැමීමට සමත් විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය වේගවත් කිරීමේ ගෞරවය ටියුරින් සහ ඔහුගේ සගයන් ට හිමිවිය.

යුද්ධයෙන් පසුව, ටියුරින් විසින් නවෝත්පාදන හා කෘතිම බුද්ධිය ගණනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කළේය. පරිගණකයක් කෘතිමව බුද්ධිමත් දැයි තීරණය කිරීම සඳහා 1950 දී ඔහු “ටියුරින් ටෙස්ට්” නම් පරීක්ෂාව යෝජනා කළේය. මෙය කෘතිම බුද්ධිය හෙවත් AI පිළිබඳ නූතන අවබෝධය තුළ වැදගත් වන පරීක්ෂණයකි.

කෙසේවෙතත්, මහ බ්‍රිතාන්‍යයේ එවකට සමලිංගික ලිංගික හැසිරීම් අපරාද වරදක් කර තිබූ යුගයකි. ටියුරින් තවත් පිරිමියකු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූයේ ය යන චෝදනාව තුළ 1952 වර්ෂයේදී “තදබල අශෝභන ක්‍රියා” නම් වරදට ඔහු වරදකරු යැයි අධිකරණය විසින් තීන්දු කළේය. ඔහුට මාස 12 ක හෝමෝන චිකිත්සාවක් ලබාදීම සඳහා සිරදඬුවම් නියම කරන ලදී.

අධිකරණ විනිශ්චය වූයේ පශ්චාත් යුධ සමයේ රජයේ නීති සංග්‍රහයේ සහ සයිෆර් පාසලේ රජයේ සන්නිවේදන මූලස්ථානයේ (GCHQ) වැඩ කිරීමට ඔහු නුසුදුසු බවයි.

1954 ජූනි 7 වන දින ටියුරින් සියදිවි නසා ගත්තේය. මෙම සිදුවීම බ්‍රිතාන්‍යයේ නීති පද්ධතියේ මෙන්ම හමුදා ක්ෂේත්‍රයේ කළු පැල්ලමක් ලෙස සටහන් වූ අතර, ටියුරින් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය 2009 වර්ෂය වෙනතුරුම සමාව අයැද සිටීමට කටයුතු නොකර සිටීම විශේෂත්වයකි.

2014 වර්ෂයේදී ටියුරින් හට රාජකීය සමාව ලබා දීමට කටයුතු කර තිබිණි. එමෙන්ම 2017 වර්ෂයේ දී සමලිංගික වීම මත අපරාධ වරදකරුවන් වූ පුද්ගලයන් දහස් ගණනකට සමාව ලබා දීම සඳහා ටියුරින් ගේ නමින් නීතියක් ද සම්මත කරන ලදී.

ඉහත එංගලන්ත බැංකුව විසින් එළිදක්වන ලද පවුම් 50 නෝට්ටුව ටියුරින් ගේ උපන්දිනය එළඹෙන ජූනි 23 වන දිනට නිල වශයෙන් සංසරණය වීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි