×

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

ලිබියාව තුළ විවිධ මිලීටරි කණ්ඩායම් විසින් පළාත්වල පාලන කටයුතු කරගෙන යන අතර ඔවුනොවුන් සිය ආධිපත්‍ය යුධමය වශයෙන් ව්‍යාප්ත කිරීමට හා සිය බල ප්‍රදේශයන් විස්තෘත කර ගැනීමේ අඛණ්ඩ උත්සහයන්වල නිරත වනු බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සන්නද්ධ කණ්ඩායම් අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු සිවිල් පුරවැසියන් බව පැවසේ. මෙම ගැටුම් වලින් 27 දෙනෙකු තුවාල ලැබූ බව නගරයේ හදිසි සහන සේවා නිවේදනය කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, රාජ්‍ය හා ජාත්‍යන්තර ආයතන කිහිපයක් පදනම් වූ මධ්‍යම දිස්ත්‍රික්කයක සටන්කරුවන් වෙඩි හුවමාරු කරගෙන ඇති අතර පසුව ගැටුම් අයින් සාරා සහ අස්බා ප්‍රදේශවලට පැතිර ගොස් තිබේ. කුමන හේතුවක් මත ගැටුම් ඇරඹීද යන්න පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය නොවන මුත් පවතින රජයට බලපෑම් කළ හැකි මිලීටර බලයක් රටතුළ වර්ධනය වීමක් ලෙස බොහෝ දෙනා මෙම තත්වය හඳුනාගෙන ඇත.
ලිබියාවේ නිරන්තර ගැටුම් සාමාන්‍ය ජන ජීවිතයට විශාල තර්ජනයක්ව තිබේ ගැටුම් ඇති වීමත් සමඟ ට්‍රිපොලිහි ප්‍රධාන ගුවන් තොටුපල පැයකට වසා දැමූ අතර තත්වය සමතයකට පත් වීමෙන් පසු නැවත විවෘත කර සිය පියාසැරියන් අරඹා තිබිණි. ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වය සම්බන්ධයෙන් රජය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් ගඩාෆි පාලනයෙන් අනතුරුව රට තුළ නොයේක් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිව ඇති අතර රට නොසන්සුන් වී තිබේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෆාති බෂාගාගේ නායකත්වයෙන් නව රජයක් පත් කිරීමත් සමඟ තත්වය තවත් නරක අතට හැරිණ. මේ වන විට ලිබියාව තුළ විවිධ මිලීටරි කණ්ඩායම් විසින් පළාත්වල පාලන කටයුතු කරගෙන යන අතර ඔවුනොවුන් සිය ආධිපත්‍ය යුධමය වශයෙන් ව්‍යාප්ත කිරීමට හා සිය බල ප්‍රදේශයන් විස්තෘත කර ගැනීමේ අඛණ්ඩ උත්සහයන්වල නිරත වනු බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි