×

ලුකෂෙන්කෝ හදිසියේම දිවුරුම් දෙයි!

සියලු විරෝධතාවයන් නොතකා බෙලරුස් ජනාධිපති ලුකෂෙන්කෝ හදිසියේම දිවුරුම් දී තිබෙනවා.


රට තුළින් නැග එන සියලු විරෝධතා නොතකා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හදිසියේම නව වාරයක් සඳහා දිවුරුම් දී තිබෙනවා.

නිල බෙලරුස් පුවත් සේවයක් වන ‘බෙල්ටා‘ මේ බව සනාථ කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම දිවුරුම් දීම කිසිදු පෙර දැනුම් දීමකින් තොරව සිදුකළ එකක්. සාමාන්‍යයෙන් බෙලරුස් හි රාජ්‍ය නායකයා දිවුරුම් දීම දින කිහිපයක පටන් සූදානම් වන නිල උත්සවයක් බවට මෙතෙක් පත් වී තිබූ නිසාම මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.

2020 අගෝස්තු 09 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණය අතිශයින් වංචාකාරී සහ දූෂිත එකක් බවට රට තුළින් මෙන්ම ජාත්‍යන්තරයෙන් ද ඇතිවූ විරෝධතා ඔහු විසින් මේ අන්දමින් නොසලකා හැර තිබේ. 1994 වසරේ පටන් බෙලරුස් හි නොකඩවා බලයේ සිටින ලුකෂෙන්කෝ කිසිදු විටෙක බලය අත්හැරීමට සූදානම් නැති බවට මෙම නවතම තත්වය උදාහරණයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත දකුණු අත තබමින් ඔහු බදාදා දිනයේ දිවුරුම් දුන්නේ සිය ගණනක් වූ පිරිසක් ඉදිරියේයි.

මැතිවරණ ආන්දෝලනය හේතුවෙන් බෙලරුස් රාජ්‍යය මේ වන විට ඇමරිකාවෙන් සහ යුරෝපා සංගමයෙන් විවිධ සම්බාධකවලට ලක් වීමේ අවදානමකට ද මුහුන පා සිටින බව සඳහන්.

ඔහුට එරෙහිව විරෝධය පළ කළ සිය ගණනක් අත්අඩංගුවට පත් වී තිබෙන අතර, විපක්ෂය පවසන්නේ ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විමර්ශක අනායිස් මාරින් පසුගිය සතියේ පවසා තිබුණේ පුද්ගලයන් 10,000 කට වඩා වැඩි පිරිසක් මේ වන විට ‘අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව‘ යි. තවද මැතිවරණයේ සිට මේ දක්වා දහස් ගණනක් දෙනා ‘සාහසික ලෙස පහරකෑම්වලට ලක් ව ඇති බව‘ වාර්තා 500 කට අධික ප්‍රමාණයක දැක්වෙනවා.

පෙර ලිපි

බෙලරුස් මිත්තණියන් පවා ජනපතිට එරෙහිව මහ පාරේ

ලැජ්ජයි – පලයන් ලුකෂෙන්කෝ!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි