×

ලෙබනන් අගමැති ඉල්ලා අස්වෙයි – පුපුරණ බව දැන සිටි ජනපති නිහඬයි!

පුද්ගලයන් 200 දෙනෙකුට මරු කැඳවමින් ලෙබනනයේ බීරූට් අගනුවර ඇති වූ මහා පිපිරීමෙන් සතියක් ඉක්ම යාමට පෙර ලෙබනන් අගමැති සහ ආණ්ඩුව ඉල්ලා අස් වූ අතර, එම ඉල්ලා අස්වීම ලෙබනන් ජනාධිපතිවරයා විසින් භාරගෙන තිබේ.


පුද්ගලයන් 200 දෙනෙකුට මරු කැඳවමින් ලෙබනනයේ බීරූට් අගනුවර ඇති වූ මහා පිපිරීමෙන් සතියක් ඉක්ම යාමට පෙර ලෙබනන් අගමැති සහ ආණ්ඩුව ඉල්ලා අස් වූ අතර, එම ඉල්ලා අස්වීම ලෙබනන් ජනාධිපතිවරයා විසින් භාරගෙන තිබේ.

ලෙබනන් ජනපති මිකෙල් අවුන් (Michel Aoun) එහිදී දැනුම් දී තිබෙන්නේ නව කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් භාරකාර ආණ්ඩුවක වගකීම් ඉටුකරන ලෙසයි.

සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දෙමින් Lebanon’s Prime Minister Hassan Diab submits his resignation to Lebanon”s President Michel Aoun at the presidential palace in Baabda, Lebanon [Dalati Nohra/Handout via Reuters]

ලෙබනන් අගමැති හසාන් දායිබ් (Hassan Diab) සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ රූපවාහිනිය හරහා ය.

‘‘මේ අපරාධය, රජයටත් වඩා විශාල වසංගතකාරී දූෂණයක ප්‍රතිඵලයකි‘ යි එහිදී ඔහු පැවසුවේය.

‘‘ඒ නිසා ජනතාවට තමන් පතන වෙනස ලබාගැනීම සඳහා අරගල කිරීමට ඉඩ සලසා දෙමින් මා පියවරක් පසුපසට ගන්නවා..‘‘ යැයි ද ඔහු පැවසීය.

‘‘අද දින මේ රජයෙන් මා ඉල්ලා අස්වීම නිවේදනය කරනවා. දෙවියන් වහන්සේ ලෙබනනය රැක දෙත්වා!‘‘

මෙම ඉල්ලා අස්වීම සිදුවුණේ බීරූට් බෝම්බයෙන් පසු නැග එන ජනතා කෝපය හමුවේ ය.

ප්‍රහාරයෙන් පසු ජනතාව ආණ්ඩුවට අප්‍රසාදය පළ කරමින් වීදි බැස්ස අතර, එහිදී ලෙබනන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ජීව උණ්ඩ පවා යොදාගෙන උද්ඝෝෂකයන් ව බරපතළ මර්දනයකට හසුකර තිබිණි. ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 728 දෙනෙකු තුවාළ ලබා තිබේ.

NBC news

අගෝස්තු 4 විනාශය සිදුකෙරුණේ බීරූට් තොටුපොළේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් තොගයක් පුපුරා යාම නිසා ය. එහි ටොන් 2750 ක් ගබඩා කර තිබිණි.

වසර 6කට වඩා කාලයක් තිස්සේ මේවා එහි තිබූ බවත්, තමන් ඒ බව දැන සිටි බවත් ලෙබනන් ජනාධිපතිවරයා ඊයේ (10) දිනයේ ප්‍රකාශ කර තිබිණි.

සති 3කට කලින් තමන් මේ ගැන දැන සිටි බවත්, ඒ අනුව ‘‘අවශ්‍ය දේ කරන්න‘ යැයි නිලධාරීන්ට නියෝග කර තිබූ බවත් ඔහු මෙයට දින 3කට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබිණි. (Beirut explosion: Lebanon’s president knew about stockpile weeks before deadly blast)

මෙය නීතිවිරෝධී ලෙස එරටට ගෙන ආ එකක් බවත්, නෞකාවකින් රාජ සන්තක කළ එකක් බවත් වාර්තා වේ.

කෙසේ නමුත් ‘‘ඒක කොහෙද තියෙන්නෙ කියල කවුරුවත් දැනගෙන හිටියෙ නෑ‘‘ යැයි ද, ‘‘වරාය සමග සෘජුව වැඩ කළ හැකි අධිකාරියක් තිබුණේ නැහැ‘‘ යැයි ද ඔහු පවසා ඇත.

මේ අනුව ඔහු පිපිරීම ගැන දෝෂාරෝපණය කළේ පෙර පැවති ආණ්ඩුවට ය!

ජනතා කෝපය මේ නිසා තවදුරටත් උත්සන්න විය.

ලෙබනනයට මේ පිපිරීම නිසා සිදුවූ ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් යැයි ගණන් බලා තිබේ. ලක්ෂ 3 ක් දෙනා පිපිරීම හේතුවෙන් අවතැන් වී සිටිති.

පිපිරීමේ සිදුවීම පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ලෙබනනය තුළින් මෙන්ම අන්තර්ජාතිකව ද මේ වන විට හඬ නැගෙමින් පැවතියත්, ජනාධිපතිවරයා කියා තිබෙන්නේ එවැන්නක් අවශ්‍ය නැති බවයි!

‘‘මේකට වග කියන්න ඕනෙ කලින් තිබුණු ආණ්ඩුව.. ඒ පුපුරණ ද්‍රව්‍ය අවුරුදු 6 ක් පරණයි!‘‘ – ලෙබනන් ජනපති

පෙර ලිපි

බීරූට් පිපිරුම ඉතිහාසය යළි සිහි කැඳවන්නක්ද

ලෙබනනයේ බෙරුට් නගරයේ පිපිරීමක් – පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි