×

ලේඩි ගාගා – ජෝන් ලෙජන්ඩ් දෙපළ බයිඩන් සහ කමලා හැරිස් වෙනුවෙන් අවසන් රැළියේ

සුපිරි ගායක දෙපළක් වන ජෝන් ලෙජන්ඩ් සහ ලේඩි ගාගා, ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි ප්‍රධාන අපේක්ෂකයන් වන ජෝ බයිඩන් හා කමලා හැරිස් වෙත සිය සහයෝගය පළ කරමින් අවසන් රැළියට සහභාගි වීමට නියමිත ය.


ලේඩි ගාගා ජෝ බයිඩන් සමග පිට්ස්බර්ග් හිදී එක් වීමට නියමිත අතර, ජෝන් ලෙජන්ඩ් කමලා හැරිස් සහ ඇගේ සැමියා වන ඩවුග් එම්හොෆ් සමග ෆිලඩෙල්ෆියාවේදී එකම වේදිකාවක දැකගත හැකි වනු ඇත.

ලේඩි ගාගා දේශපාලනයට නුහුරු චරිතයක් නොවේ. ඇය සමාජ ජාල හරහා සිය අනුගාමිකයන්ට ඩිමොක්‍රටික් වටිනාකම් වෙනුවෙන් පෙනීසිටින ලෙසට ආයාචනා කරන අයෙකි. 2017 වසරේදී ඇය ජෝ බයිඩන් සමග, ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව හඬනැගීම සඳහා එක් වූ අතර, “It’s On Us” යනුවෙන් ඒ වෙනුවෙන් ඇය ආරම්භ කළ සමාජ ව්‍යාපාරය තුළ 2016 වසරේදී ඇය නිර්මාණය කළ ‘Til it Happens To You’ ගීතය ද වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇය අවසන් රැළියට සහභාගි වීමට නියමිත බව දැනගත් විට ඇයව “anti-fracking activist” යනුවෙන් විවේචනය කළ අතර, එයට ද ට්විටර් මගින්ම පිළිතුරු ලබාදෙන්නට ඇය මැලි වූයේ නැත.

ජෝන් ලෙජන්ඩ් ද විවෘතව ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් සහාය පළ කරන්නෙකි. ගිම්හානයේදී ද ඔහු බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේ දැකගත හැකි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි