×

ලොක්ඩවුන් කළ ප්‍රංශයේ ගෙළ කැපීම් සහ පිහිඇනුම් : 3 ක් මරුට

මේ වන විට ලොක්ඩවුන් තත්වයට පත් කර තිබෙන ප්‍රංශයේ ඉස්ලාම් අන්තවාදය මුල්කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවන් වාර්තා වේ.


මේ අනුව ප්‍රංශයේ Nice නගරයේ කාන්තාවක් ගෙළ කපා මරා දමා තිබූ අතර එම නගරයේම දේවස්ථානය තුළදී මරණ දෙකක් වාර්තා විය.

Nice නගරාධිපතිවරයා පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක සියලු ලක්ෂණ මෙහි පවතින බවත්, ප්‍රහාරකයා අපරාධ සිදුකිරීමෙන් පසුව ‘අල්ලාහු අක්බර්‘ යනුවෙන් කෑ ගසා ඇති බවත් ය.

ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරට ගොදුරු වී ඇති අතර මේ වන විට රෝහල්ගත ව සිටියි.

(Photo by Valery HACHE / AFP) (Photo by VALERY HACHE/AFP via Getty Images)

ගෙළ කපා ගුරුවරයෙකු මරාදැමූ සිද්ධියේම දිගුවක්දැයි සැකයක්

මෙයට සති දෙකකට පමණ පෙර ප්‍රංශයේ ඉතිහාසය ඉගැන්වූ සැමුවෙල් පාටි නම් ගුරුවරයෙකුගේ ද ගෙළ කපා මරා දමා තිබිණි. ඒ, ඔහු විසින්, මහම්මුද්තුමාගේ කාටුන සිය සිසුන්ට පෙන්වූ නිසා බවට විශ්වාස කෙරේ.

(කියවන්න, මහ්ම්මුත්තුමාගේ කාටුන් පෙන්වූයේ යැයි ප්‍රංශ ගුරුවරයෙකුත් මරා දමලා)

මෙම ප්‍රහාරකයා චෙච්නියානු සම්භවයක් සහිත 18 හැවිරිදි තරුණයෙකු වූ අතර ප්‍රංශයේ සරණාගත රැකවරණය සහ දස වසරක පදිංචි අවසරය ලැබූ අයෙක් බව පසුව හෙළි විය.

ඝාතනයට ලක් වු ගුරුවරයා – සැමුවෙල් පාටි

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ද මෙම සිද්ධිය දැඩි සේ හෙළා දුටුවේය. ඔහු අද දිනයේ සිද්ධිය හටගත් ස්ථානය වෙත ද පැමිණෙන්නට නියමිත ය.

2015 ජනවාරි මාසයේ උපහාසාත්මක කාටුන් පුවත්පතක් වූ චාලි හෙබ්දෝ හි කාර්ය මණ්ඩලය ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු විභාගය මේ වන විට ඇරඹී තිබේ. සැමුවෙල් පාටි ව ඝාතනය කරනු ලබන්නේ ද එම චාලි හෙබ්දෝ පුවත්පත විසින් පළ කළ ආකාරයේ රූප සටහන් සිය සිසුන්ට පෙන්වීමේ වරදට ය. ඒ අනුව ඔහුව ගෙළ කපා මරා දැමීම, ඉස්ලාම් අන්තවාදීන් විසින් කරනු ලැබූ අනතුරු ඇඟවීමක් බවට සැලෙකන අතර, අද දිනයේ පිහි ඇනුම් මාලාවක් සහ ගෙළ කැපීම් වාර්තා වීමෙන් පෙනී යන්නේ තත්වය ඉදිරියේදී තවත් උත්සන්න වීමේ අවදානමයි.

මේ අතර සෞදි අරාබියේ ජෙඩා නුවරදී ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කළ අයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි