×

ලොක්ඩවුන් බෝරිං කියන්නේ කවුද? ජුලියන් අසාන්ජ් ඔප්පු කර පෙන්වයි.

මේ වන විට ලෝක ජනගහනයෙන් 1/3ක් කොවිඩ් වංසගතය නිසා ලොක්ඩවුන් වී ආඩපාලි කියමින් සිටියත් විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලොක්ඩවුන් වූයේ මෙයට හත් අවුරුද්දකට පෙර ය.


ඒ, ලන්ඩනයේ පිහිටා තිබෙන ඉක්වදෝර තානාපති කාර්යාලයේ ය.මේ අවුරුද්දේ ඔහු ලන්ඩනයේ බෙල්මාෂ් සිරගෙදර ලොක්වඩුවන් වී සිටියි.

ජුලියන් අසාන්ජ්ට කොවිඩ් වසංගතය වැළඳිය හැකි බැවින්, ඔහුව නිදහස් කරන ලෙස ඊයේ එක්තරා කාන්තාවක් විසින් සිදුකළ ඉල්ලීමක් කරළියට ඒම නිසා ජාත්‍යන්තර පුවත් සේවා කැළඹී ගියේය. මේ ගැහැණිය ජුලියන් අසාන්ජ් ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටින්නේ ඔහුගේ පුතුන් දෙදෙනාගේ තාත්තා ඔහු නිසා ය!

ස්ටෙලා මොරිස් නමැති ඇය, දකුණු අප්‍රිකානු සම්භවයක් ඇති 37 හැවිරිදි තරුණ නීතීඥවරියකි. ඇයට ගේබ්‍රියෙල් සහ මැක්ස් නමින් පුතුන් දෙදෙනෙකු සිටියි. ගේබ්‍රියෙල්ගේ වයස අවුරුදු 3 කි. මැක්ස්ගේ වයස අවුරුදු 1 කි. මේ දෙන්නාගෙම පියා ජුලියන් අසාන්ජ් ය. ඒ නිසා ඇය මේ ඉල්ලීම කරන්නේ සිය පුතුන් දෙදෙනා වෙනුවෙන් ය. ජුලියන් අසාන්ජ්, වසර හතක් ඉක්වදෝර තානාපති කාර්යාලයේ ලොක්ඩවුන් වී සිටින බව පෙර ද කීවෙමු. එසේ නම් ජුලියන් අසාන්ජ්, ලොක්ඩවුන් කාලසීමාවේදී පුතුන් හදා තිබේ!

මේ දැක්වෙන්නේ ස්ටෙලා සහ ඇගේ අතේ සිටින ජුලියන් අසාන්ජ් පුතුන් දෙදෙනා ය.

 

Julian Assange’s partne,r Stella Moris, and their sons Gabriel and Max. Photograph- Juan Luis Passarelli-PA

Julian Assange’s partne,r Stella Moris, and their sons Gabriel and Max. Photograph- Juan Luis Passarelli-PA

තමන් ඔහු සමග එක්වී දරුවන් හැදූ බව ඇය පවසන්නට දැන් මැලි වන්නේ නැත.

ජුලියන් අසාන්ජ් ගේ ජීවිතය එකම හැලහැප්පිලි සම්භාරයකි.

මෙයට හරියටම වසරකට පෙර ඉක්වදෝරය, ජුලියන් අසාන්ජ් හට පිරිනමා තිබූ රාජ්‍ය තාන්ත්‍රික රැකවරණය ඉවත් කළේය. ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය එවිට ඔහුව බලයෙන් ඇදගෙන ඇවිත් සිරභාරයට ගෙන බෙල්මාෂ් බන්ධනාගාරයට දැමුවේය. මේ වනවිට සිය ඇප කොන්දේසි කඩාදැමීම නිසා ඔහු සති 50 ක සිර දඬුවමක් විඳිමින් සිටියි. මැයි 18 වැනිදා ඔහුව එක්සත් රාජධානියෙන් පිටුවහල් කිරීමට නියමිත ය. ඇමරිකාව විසින් ඔහුව පසුව විකිලීක්ස් කේබල් පණිවුඩ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර, බොහෝ විට ඔහුට රාජ්‍ය ද්‍රෝහී චෝදනා නැගෙනු ඇත.

ලොක්ඩවුන් අසාන්ජ් ව තාත්තා කෙනෙක් කළ ගැහැණිය

ස්ටෙලා මොරිස්ට මුල් වරට අසාන්ජ් ව මුණ ගැසී තිබෙන්නේ 2011 වසරේදී ය. එවකට ඇය 28 හැවිරිදි නීති පර්යේෂිකාවක වූවාය. ඇය අසාන්ජ් ව මුණ ගැසී තිබෙන්නේ අසාන්ජ් ව උදර්පණය කිරීම නැවැත්විය හැකි මාර්ග සොයා බලන්නට ය.

‘‘කාලයත් සමග ජුලියන් සහ මා ශක්තිමත් බුද්ධිමය සහ භාවාත්මක බැඳීමක් ඇති කර ගත්තා. ඔහු මගේ හොඳම මිතුරා බවට පත්වුණා. ඉන්පසු මම ඔහුගේ වුණා…‘‘

ඇයට අනුව අසාන්ජ්, දවසට පැය 23 ක් හුදෙකලාව ගත කළ යුතුය. ඒ කාලයේදී කිසිදු අමුත්තෙකු හමුවීම ඔහුට තහනම් ය.

දැන් ඇය අසාන්ජ් වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් මුණ ගැසුණේ කෙසේද යනාදිය ගැන ඉහත කී තොරතුරු ගැබ් වන්නේ එහිදී ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අයදුම්පත්‍රයේ ය.

ස්ටෙලා මොරිස් මාධ්‍ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබෙන්නේ ජුලියන් මේ දරු දෙදෙනාම ඉපදෙන ආකාරය ද වීඩියෝ ලින්ක් තාක්ෂණය හරහා සජීවී ව බලා සිටි බවයි. තානාපති කාර්යාලයෙන් පසුගිය අප්‍රේල් මාසයේ ඉවත් වූ පසුව ද ඔහු ඇයව හමු වී තිබේ.

පුතුන් දෙදෙනා සිය පියාව බැලීමට බෙල්මාෂ් බන්ධනාගාරයට ගොස් ඇති බව ද ඇය තවදුරටත් හෙළි කර සිටියාය. අසාන්ජ් ව නිදහස් කළත් නොකළත්, ඔවුන් සැලසුම් කර ගෙන සිට ඇත්තේ විවාහ වීමට ය.

අසාන්ජ්ගේ ශරීර සෞඛ්‍යය දුර්වල හෙයින් ඔහු පහසුවෙන් කොවිඩ් වසංගතයට ගොදුරු විය හැකි බව පැමෙලා ඇන්ඩර්සන් වැනි අසාන්ජ්ගේ බාහිර හිතවතුන් විසින් ද පවසා තිබේ.

බෙල්මාෂ් බන්ධනාගාරයේ සිටින අසාන්ජ් – 2020 ජනවාරි මාසයේ ගනු ලැබූ ඡායාරූපයකි.

ඉතින් සොරදෙටුවන් සහ ද්‍රෝහීන් සිරගත කිරීමට අතීතයේ සිට පාවිව්චි කළ අපකීර්තිමත් බෙල්මාෂ් බන්ධානාගාරයේ සිටින සිය පෙම්වතා නිදහස් කර දෙන ලෙස ඇය විසින් ඉල්ලා සිටීම අරුමයක් නොවේ. බන්ධනාගාරවල පවතින අඩු සනීපාරක්ෂක පහසුකම් යටතේ මෙවැනි දේවල් පහසුවෙන් සිදුවිය හැකිය.

ඉතින් අසාන්ජ්ගේ මේ කතාන්දරය අපට මේ මොහොතේ අතිශයින් ගෝචර විය හැකිය. මාස දෙක තුනක් ලොක්ඩවුන් වී සිටීම කොතරම් අසීරුදැයි අපි හොඳින් දනිමු. නමුත් අසාන්ජ් වසර 7-8ක්ම ලොක්ඩවුන් වී සිටියේය. එබඳු ජීවිත ගත කරන විට ජීවිතය ‘බෝරිං‘ නොවීම සඳහා කළ හැකි දේවල් ඇති බව අසාන්ජ් විසින් පෙන්වා දී තිබේ.

කොවිඩ්-19 වසංගතය නිසා ලෝක ජනගහනය පහළ වැටීමේ අවදානමක් තිබෙන බව නොරහසකි. දැනටමත් එය විසින් ජීවිත එක්ලක්ෂ පහළොස් දහසක් සොරාගෙන තිබේ. ලොක්ඩවුන් වී සිටින අසාන්ජ්, ඒ වෙනුවට අවම වශයෙන් කළ හැකි එක් හොඳ දෙයක්වත් සොයාගෙන තිබේ!

මේ වතාවේ කොවිඩ් මාරයාත් පාඩමක් ඉගෙන ගත්තේ විකිලීක්ස් අසාන්ජ් ගෙන් ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි