×

ලොව අධිකරණ විසින් නියම කළ අරුම පුදුම දඬුවම්.

2013 වසරේ චිකාගෝහී තරුණයෙන් දෙදෙනෙක් වෙත එරට අධිකරණය දින 45ක සිර දඬුවමක් ලබා දුන්නේය. ඉන් නොනැවතී ඔවුන්ගේ නගර මධ්‍යයේ බූරුවන් සමග පෙ‍ළපාළි යායුතු බවටද ඔවුන්ට නියම කෙරිණි.



වැරදි කරුවන්ට විරුද්ධව  දඬුවම් නියම කර ඔවුන්ව නැවත වැරදි කිරීමෙන් මුදවා ගැනීම හෝ සමාජයේ තවත් අයට නිසි ආදර්ශ ලබා දීම අධිකරණය හෙවත් උසාවිය මගින් නියම කිරීම ලොව සෑම රටකම පාහේ සිදුවන කාර්යයකි. බොහෝ විට සිදු වන්නේ වරද කරු සිර ගත කිරීම, මරණ දණ්ඩණය , ඇප නියම කිරීම , වැඩ තහනම් කිරීම ආදී තීන්දුය..
නමුත් කිසිවෙකුත් කිසි කළෙකත් අපේක්ෂා නොකරන පරිදි වරද කරුවන් හට අරුම පුදුම දඬුවම් උසාවිය විසින් නියම කළ අවස්ථාද නැත්තේම නොවේ.

  මසකට වරක් ”බැම්බි”  කාටූනය නැරඹීමට

 ඩේවිඩ් බෙරී ඇමරිකාවේ මිසුරි පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ නීතිවිරෝධී ලෙස සතුන් දඩයම් කිරීමේ වරදටයි. ඔහු කළ වරදට අධිකරණය විසින් ලබා දුන් දඬුවම වූයේ වසරක කාලයක් සිර අඩස්සියේ තැබීමටත්. මසකට වරක් අනිවාර්යෙන්ම අඩුම තරමේ එක්වතාවක් හෝ ඩිස්නි කාටුනයක් කුඩා මුව පැටවෙකු, හාවෙකුගේ චරිත රැගත් බැමිබි කාටුනය නැරඹීමටත් වරද කරුට නියම කිරීමය.

බූරුවන් සමග පෙළපාළියේ යෑම

2013 වසරේ චිකාගෝහී තරුණයෙන් දෙදෙනෙක් වෙත එරට අධිකරණය දින 45ක සිර දඬුවමක් ලබා දුන්නේය. ඉන් නොනැවතී ඔවුන්ගේ නගර මධ්‍යයේ බූරුවන් සමග පෙ‍ළපාළි යායුතු බවටද ඔවුන්ට නියම කෙරිණි. මෙම දඬුවම ඔවුන්ට නියම වුණේ ජේසුස් වහන්සේගේ කුඩා අවධියේ පිළිරුවක් පළුදු කිරීම , සොරකම් කිරීමට දඩුවම් ලෙසිනි

වසර දහයක් පල්ලියට යෑම

ඔක්ලෝහෝමාහී මිනී මැරුම් චෝදනාවක් එල්ලවූ පාසැල් ශිෂ්‍යයෙක්ටද අරුම පුදුම දඬුවමක් එරට උසාවිය විසින් නියම කරන ලදී. 17 හැවිරිදි ටයිලර් ඇලර්ඩ් නම් පාසැල් ශිෂ්‍යයා බීමතින් රිය පැදවීමේදී සිදුවූ අනතුරකින් ඔහුගේම මිතුරෙක් ඝාතනයට ලක් වීය. ඒ 2011 වසරේදීය. ඊට දඬුවම ලෙස නියම වූයේ ඔහු අනිවාර්යෙන්ම සිය උපාධිය අවසන් කළ යුතු බවත් වසරක් යන තෙක් මත්ද්‍රව්‍ය සහ නිකොටින් පරීක්ෂාවට යා යුතු බවත් මී ළග වසර 10ක් යනතුරු දේවස්ථානයට යා යුතු බවත්ය.

රැකියාවක් සොයා ගැනීම

දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා හී පුද්ගලයෙක් වෙත තවත් පුදුම හිතෙන දඩුවමක් එරට අධිකරණයෙන් නියම කරන ලදී. මොහුගේ දෙමවු පියන් විසින් ඔහුගේ පොකට් මනී , නැත්නම් දිනපතා වියදමට ලබා දෙන මුදල් නවතා දැමූ වේ යැයි කියමින් දෙමවු පියන්ව ‍උසාවියට කැඳවන ලදී. 25 හැවිරිදි මොහු දෙමවුපියන්ගෙන් මසකට පවුම් 355ක් ඉල්ලා නඩු දැම්මේය. නමුත් උසාවිය විසින් දෙමවුපියන්ට නොව ඔහුට දඩුවම් නියම කළ අතර දඬුවම වූයේ දින 30ක් අතුළත ඔහු දෙමවුපිය නිවස අත්හැර යායුතු බවත් රැකියාවක් කර මුදල් උපයා සිය දෙපයින් නැගී සිටිය යුතු බවත්ය.

පැය විස්සක් බීතෝවන්ගේ සංගීතයට සවන් දීම

2008 වසරේදී ඇන්ඩෘ වැක්ටර් නම් පුද්ගලයාට සිය කාර් රථය තුළ ඉතාමත් ඉහළ හඬකින් සංගීතපටයක් වාදනය කිරීමට දඬුවම ලෙස පවුම් 120ක දඩයක් නියම වුණ අතර ඔහු පැය විස්සක් එක දිගට බීතෝවන්ගේ ශාස්ත්‍රීය සංගීතයට සවන්දුනහෝත් එම දඩ මුදල පවුම් 30 දක්වා අඩුවන බව අධිකරණ විනිශ්චයකරු විසින් තීරණය කරන ලදී. විනිසුරු සුසාන් ෆොනෝප්ට අවශ්‍ය වූයේ ඔහු රසවිඳින්නට අසමත් වූ සංගීතයට රස විඳින්නේ කෙසේදැයි යන්න ඔහුට අවබෝධ කරවීමටයි.

ඔහු එම නියමය පරිදි මිනිත්තු 15ක් පමණක් සංගීත පටයකට සවන් දුන් අතර සම්පූර්ණ දඩ මුදල ගෙවීමට කැමැත්තෙන් පිටව ගියේ තමන්ට බාස්කට් බෝල් තරඟයක් අතපසු වීමට යන බව පවසමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි