×

ලොව උසම සහ මිටිම අශ්වයා හමු වූ මොහොත

තම්බලීනා සහ ජේක් ලොව මිටිම සහ උසම අශ්වයින් දෙදෙනා වෙයි.


අශ්වයන් .. ගැන සිතූ පමණින්ම මතක් වෙන්නේ උස මෙන්ම ආඩම්බර, මිනිසුන්ට සමීප සිවුපාවෙකි.

තම්බලීනා ඒ ලොව මිටිම අශ්වයාගේ නමයි. ජේක් ඒ ලොව උසම අශ්වයාවයි. පසුගිය දිනෙක් ඔවුන් එකිනෙකා මුන ගැසුණ මොහෝතකදී ගත් ඡායාරූපයක් ජාත්‍යන්තර මාධ්‍ය වල පල වුණා.

අශ්වයින් විවිධ වර්ග ලොකයේ සිටින අතර ෆලබෙල්ලා නම් ඉතා කුඩා අශ්ව විශේෂයක් මෙන්ම උස බ්‍රිටිෂ් අශ්වයන්ද අශ්ව පරම්පරාවේ ප්‍රසිද්ධ කුලයන්. ඒ අතරින් වේගවත්ම අශ්වයා ගැන අප පෙර අසා තිබුණද මිටිම සහ උසම අශ්වයා ගැන ලෝකයේ අවධානය ලැබෙන්නට පටන් ගත්තේ මෙම ඡායාරූපයත් සමගිනි.

උසම අශ්වයා වන බිග් ජේක් 2012 වසරේදී ලොව උසම අශ්වයා ලෙ කිරුළු පැළදුවා ඒ වගේම එතෙක් තිබූ ගීනස් වාර්ථාවද බිඳ දැම්මා. ඔහු බෙල්ජියම් අශ්වයෙක්. ඔහුගේ අයිතිකරු ගිල්බර්ට් පවසන්නේ ඔහුව මිලදී ගත්තේ ඉතා කුඩා පැටියෙක් අවධියේදී බවයි. ඉපැදෙන විටද අනෙක් අශ්වයන්ට වඩා වැඩි බරක් ඔහුට හිමි වෙලාත ඔහුට දැන් වයස අවුරුදු 17ක් වන විට ඔහු අශ්ව යෝධයකු සේ පෙනෙන්නට ගත් බව ගිල්බර්ට් පවසනවා.

2010 වසරේදී ලොව උසම අශ්වයා ලෙස ඔහුගේ මුල්ම ගීනස් වාර්ථාව තබන විට ඔහුගේ උස අඟල් 82.5. සාමාන‍‍ය අ‍ශ්වයෙක් ආහාරයට ගන්නා ප්‍රමාණය මෙන් දෙගුණයක් ආහාර ජේක් ආහාරයට ගන්නා බවයි ඔහුගේ අයිතිකරු පවසන්නේ.

නමුත් ලොව මිටිම අශ්වයාටනම් එතරම් ආහාර ඕනි නැහැ. ඒ අත්තෙන්ම තම්බෙලීනා,දුඹුරු පැහැ ත් කුඩා වෙ‍ළඹක් වන ඔහු 2002 වසරේදි ලොව කුඩාම අශ්වයා ලෙස ගීනස් වාර්ථා පෙතට ඇතුල් වෙනවා. ඇගේ උස සෙන්ටි ඹීටර් 44.5 ඒ කියන්නේ අඟල් 17.5ක්. ඉපදෙනවිට අඟල් 6ක් වූ ඔහුගේ භාරකරු වෙන්නේ මිචෙග් ජෝස්ලින්.

ඔහු සාමාන්‍ය සුනඛයෙක්ගේ උසට සමාන උසකින් යුක්තයි. ඇගේ අයිතිකරුවන් නිතර ඇගේ සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටින අතර උස ජේක්ට වගේම මේ කොට තම්බෙලීනා ටත් තමන්ගේ උස ගැන කිසි හැඟීමක් නැහැ.

ඒ නිසාම අනික් අශ්වයන් අතරේ බියක් සැකක් නැතිව ඉන්න තම්බෙලීනාට පුළුවන්. නමුත් උසම උස ජේක් ව මුණ ගැසුණ දින ඈ ටිකක් කලබළ වී ඇති බව ඇගේ භාරකරුවන් පවසනවා. කුඩා දරුවන් සමඟ ඈ ඉතාමත් මිතුරු බවයි ඔවුන් පවසන්නේ.

උදේ සිට දවල් වන තෙක්ම අනෙක් අශ්වයන් සමඟින් කාලය ගෙවන ඈ නිදාගන්නේ බල්ලන්ගේ කූඩුවක් තුළ. ඈ අගේ කුඩා ලෝකය සතුටින් ගත කරන්නේ එලෙසයි.

කා අතරත් ඉතා ප්‍රසිද්ධ තම්බෙලීනා මේ වන විට චිකිත්සක සත්වයෙක් therapy animal කෙනෙක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා ඇයට පිළිකා රෝගීන්, පිළිස්සුණ රෝගීන් වගේම කුඩා දරුවන්ගේත් හිත් වලට සතුටක් ගෙනෙන්නට පුළුවන් වෙලා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි